කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන..

 


සැබෑ කම්සැප සොයා යන අයට මග පෙන්වන ලිංගික අධ්‍යාපණික පාඩම් මාලාවේ මූලික පිවිසුමයි මම මේ අද ඔයාලට කියන්න යන්නේ. ඉදිරියේදී හැම පැත්තක්ම බේරගෙන නිසියාකාරව තමන්ට ඕනි විදියට කම්සැප විඳින්නට පුලුවන් බොහෝ ක්‍රමත්, තමන්ටම ගැලපෙන සහකාරයෙක් සහකාරියක් සොයා ගන්න හැටිත්, ඉන්න කෙනා තමන්ට ගැලපෙන විදියට හදා ගන්න හැටිත්, තවත් ඉතාමත් වැදගත්ම කාම රහස් හා බොහෝ වටිනා දේවලුත් ඔයාලට ක්‍රමාණුකූලව ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා.. ඒකට ඉතින් කළබල නැතිව ඉවසීමෙන් පියවරෙන් පියවරට මේ ලිපි ටික නම් කියවන්නට වෙනවා. එක පාරට උඩින් පැනල ගිහින් නම් කාටවත් මොනවත් කරන්න බැරි වෙයි. කම්මැලි නැතිව හෙමීට කියවන්න. මේවා ඔබට ගොඩාක්ම වටීවි.
  කුමන හෝ හේතුවක් නිසා කාම ලෝකයක එහෙමත් නැත්නම් කාම භූමියක ඉපිද සිටින අප කාටත් විවිධ විෂම විචිත්‍ර ලිංගික කාම අදහස්, හැඟීම් හා කාමුක අවශ්‍යතාවන් ආශාවන් තිබෙන්නට පුලුවන්. ඒක කාම ලොකයේ සාමාන්‍ය ස්වභාවයයි. ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඉන් ආශ්වාදයක් තෘප්තියක් ලැබීමට අප කවුරුත් ආශාවක් උනන්දුවක් දැක්වීම සාමන්‍ය මූලික මිනිස් ස්වභාවයයි. මොන මොන හේතු නිසා හෝ කවුරුවත් අනවශ්‍ය ලෙසින් ඒවාට වැට කොටු බැඳල, නීති රීති දාල හිර කරල, කෑ කෝ ගහල වැඩක් නම් නෑ. ඒවාට කවුරුවත් ඊර්ෂියා කුහක කම් කලාටත් වැඩක් නෑ. කාම ලෝකයේ ඉපදුන අය කම්සැප හෙවත් කාමසැප විඳිනවා. ඊට කාටත් කිසියම් අයිතියක් තියෙනවා. විශ්ව නීතියෙන් පිට නොපැන කවුරු කොහොම කම්සැප වින්ඳත් කමක් නෑ..
   කාමය කිව්වම ගොඩක් අය හිතන්නේ 'සෙක්ස්' කියන ලිංගික ක්‍රියාවලිය ගැන විතරයි මේ කියන්නේ කියලයි. ඒක වැරදියි. ලිංගිකත්වය යනු එහි එක් මූලික පැත්තක් විතරයි කියල කවුරුත් වටහා ගන්න ඕනි. කම්සැප මූලිකව 5කට බෙදෙනවා. රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්ඵර්ශ කියන්නේ ඒ පහටයි. පස්කම් සැප විඳිනවා කියන්නෙත් මේවායින් ආශ්වාදයක් ලැබීමටම තමයි.
පංච ඉන්ද්‍රියන්ට ග්‍රහණය වන පංචකාම සම්පත් ලෝකයෙ ඕනි තරම් තියෙනවා. ගේ දොර, යාන වාහන, යන්ත්‍ර සූත්‍ර, අඹු දරුවන්.. ආදී සියල්ලක්ම මේ පංචකාම සම්පත්ම තමයි.
  පිරිමියෙක් කාන්තාවක් එක්ක රමණයේ යෙදීමත් කම් සැප විඳීමක්. පිරිමි දෙන්නෙක් හෝ කාන්තාවන් දෙදෙනෙක් හෝ එකට ලිංගික සේවනයේ යෙදීමත් වගේම කාන්තා පිරිමි කීප දෙනෙක් එකට ලිංගික සේවනයේ යෙදීමත් කම් සැප විඳීමක්ම වෙනවා. ඒ වගේම කෙනෙක් යාන වාහන මිළ මුදල් හා හොඳ ගෙවල් දොරවල් ඇතිව සුවසේ වෙසෙනවනම් ඒකත් කම්සැප විඳීමක්ම තමයි කියල වටහා ගන්නට ඕනි.. විශ්ව නීතියෙන් පිට නොපැන හරියට කරනවනම් මේ කොයි දේ තුලත් ලොකු වරදක් නොවෙන්නට පුලුවන්. හැබැයි කවුරුන් හෝ අනවශ්‍ය ලෙසින් මේවාට ඇබ්බැහි වී මේ පස්කම් සැපම සොය සොයාම යනවනම් ඒක එතරම් හොඳ දෙයක් වෙන්නේ නෑ කවදාවත්ම. අන්න එතනයි වැරද්ද වෙන්නේ. මේ අධික කාම තණ්හාව තමයි තමන්ටත්, අනුන්ටත් හැම ප්‍රශ්නයකටම පීඩාවකටම මූලික හේතුවක් වෙන්නෙත්. මේක ටිකක් පිහියෙන් කිරි කනව වගේ කරන්න ඕනි වැඩක්. පරිස්සමට කන්න ඕනි, නැත්නම් දිව කැපෙනවා. එහෙම කියල කිරි නොකා ඉන්න ඕනිත් නෑ..

  පංචකාම සම්පත් වලට කවුරුත් මෙන් කෑදරයි. හැම වෙලේම ඒවා සොය සොයා ඒවාම පසු පස්සේ ගොස් බොහෝ දෙනා දුක් පීඩා විඳිනවා. සමහරුන් අනුන් විඳින කාම සම්පත් දැකල ඒවාට ඊර්ෂියාකම් කරනවා. මස් කෑල්ලක් අරගෙන පියාසර කරන උකුස්සෙක් පසුපස අනිත් උකුස්සන් කොට කොටා එලවනව වගේ කියලත් කියනව මේ කාමයන්. කොහොම වුනත් මේ පංචකාම සම්පත් විඳීම නම් දදයක් තුවාලයක් කහනව වගේ වැඩක් තමයි කියලත් කවුරුත් තේරුම් අරගෙන තියෙන එක හොඳයි. කහන කොට සැපයි. කහන්න කහන්න පෑරෙනව. ඒත් සැපයි, ආසයි.. ඉතින් අපි ඕනෑවට වඩා කිසිවකටත් නොඇලී නොගැටී කාම භෝගී වස්තු සේවනය කරන්නට හුරු පුරුදු වෙමු. එතකොට ගොඩක් ප්‍රශ්න අඩුයි..
  ඒ කොහොම වුනත් 'නුඹලා උපතින්ම පව්කාරයෝ' කිව්ව වගේ මොන කරුමෙකට හරි මේ කාම ලෝකෙක ඉපදිලා කාම මඩ වලක එරිල ඉන්නවනේ. එහෙමනම් ගොඩ යන්න පහසු වෙන්නෙත් ඒ කාම ලිං කටින්ම තමයි. දැනට අපි කවුරුත් මෙන් මේ කාම ලෝකෙ කාම මඩ ගොහොරුවේ ටිකක් හෝ එරිල ගිලිල ඉවරයි. තනියෙන් ගොඩ යන්න ලේසිත් නෑ. ගොඩට යන්න හදනකොටත් අනිත් අය අපේ කකුලෙන් අදිනව වගේම ඉන්නකොටත් එහෙට මෙහෙට තල්ලු කරනව.
   අපි මේ කාම ලෝකෙට නොදැනුවත්වම විශාල ණය කාරයෝ වෙලා ඉවරයි. එහෙනම් ඒ ණය ගනුදෙනු පියවමින් ටිකෙන් ටිකයි ගොඩට යන්නට වෙන්නේ. තවත් විදියකින් කිව්වොත් අපි සසරට අනන්ත අප්‍රමාණ ලෙසින් ණය වෙලා.. ඒ මදිවට තව තවත් සමාජයට අයුතු අසාධාරණ කම් කරමින් ණය ගොඩ ගහ ගන්නවා.. මේ සසර ණය ගනුදෙනු ටිකෙන් ටික පියවමින් එක්තරා විශ්ව නීතියට අනුකූල සිස්ටම් එකකට අනුවයි මින් ගොඩ යා යුතු වෙන්නේ. ඒ කියන්නේ තවත් ලෙසකින් කියනවනම් කුමන හෝ මාර පාක්ෂික බලවේගයක තොණ්ඩුවකට අපි හිර වෙලා නොදැනුවත්වම.. අපි කවුරුත් එතනට අප්‍රමාණව ණය වෙලා. ඒ මාර ණයෙන් නිදහස් නොවී ලේසියෙන් එගොඩ වෙන්න නම් බෑ කාටවත්.. බයවෙන්න එපා. ඒ එගොඩ වෙන හැටිත් ටිකෙන් ටික ඉදිරියේදී පෙන්වල දෙන්නම් කැමති අයට විතරක්.. මේව සමහරුන්ට නම් ඇලජික් වෙන්නත් පුලුවන්. ඒත් නොකියත් බෑ.. මන් මේ කියන දේවල් ටික දෙනෙක් හරි තේරුම් ගත්තොත් ඒ ඇති.  

  ඉතින් සමහරු මේ කාම ලෝකයටත් බැන බැන, කම් සැප විඳින අයටත් බැන බැන ඉන්නවා ඕව පහත් දේවල්, ඕව කරන්න එපා, මේව කරන්න එපා කිය කියා.. ඒත් ඉතින් එයාලත් අනුන්ට බැන බැන මේ ඉන්නේ කාම මඩ ගොහොරුවේම වෙනත් විදියකින් තමනුත් එරීගෙන මඩ කකා නේද කියල ඔවුන්ටත් නොතේරෙන එකයි ප්‍රශ්නය. කාම ලෝකයක ඉපදුන කාටත් කම් සැප විඳින්නට කිසියම් අයිතියක් තියෙනවා. එහි ඇති ලොකු වරදකුත් නෑ. වරද වෙන්නේ අශීලාචාරීව, අනාචාරීව, අනුන්ට හිංශනයක් වෙන විදියට, විශ්ව නීතියෙන් පිට පැන කාම සේවනයේ යෙදෙනවනම් තමයි. කාටත් හිරිහැරයක් නැතුව අනුන්වත් බේරගෙන තමනුත් බේරිලා කම් සැප විඳින්න පුලුවන් ධාර්මික ක්‍රම කොතෙකුත් තියෙනවා. ගොඩක් අය ඒවා හරිහැටි නොදන්න කමයි ප්‍රධාන ගැටලුව.(ඒ කොහොමද මොනවද කියල පසුව කියන්නම්.)
  එදා කාන්තාවො ගොඩක් තියාගෙන රජකම් කරපු කෝසල, බිම්බිසාර වගේ රජවරුත්, අනේපිඬු සිටු වැනි මුදලාලිත් සිටියා බුදුරදුන් ලඟින්ම. බුදුරදුන් ඔවුන්ට කිව්වෙ නෑ ඕව එක පාරටම අත් ඇරල දාපල්ල කියල.. පුලුවන් අයට ඉවත් වෙන්න මග පෙන්නුව. අනිත් අයට ගිහි ජීවිතයේ සිටම ක්‍රමානුකූලව යන මාවතක් පෙන්වා දුන්නා..
  කාට හරි කම්සැප විඳීම නවත්තන්න ඕනි නම් ඔවුන්ට පුලුවන් බ්‍රහ්ම ලෝකෙකට යන්නට. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන් නවත්තන්නට නම් නිවන් මගට අවතීර්ණ වෙලා අනාගාමී තත්වයටවත් පත් වෙන්නට වෙනවා. සෝවහන් සකෘදාගාමී අයත් දරු පවුල් තියාගෙන කාම සැප භුක්ති විඳිනවා. හැබැයි ඔවුන් අනවශ්‍ය ලෙසින් ඒ කාමයට ඇලෙන්නෙ ගැටෙන්නේ නෑ. සිදුහත් කුමාරයත් රජ පුතෙක් හැටියට ඕනි තරම් කම්සැප වින්ඳා. විවාහ වෙලා දරුවොත් හැදුවා. ඊට පසුවයි බුදු වෙන්නේ. උපතිස්ස කෝලිත දෙන්නත් එහෙමයි. රැ නයිට් ක්ලබ් ගිහින් ඇවිල්ලයි ඔවුන් බණ ඇහුවේ. එදා 'ගිරජ්ජ සමජ්ජ' කියන්නේ අද කාලේ නම් නයිට් ක්ලබ් එකට තමයි.
   කෙසේ හෝ එකපාරටම කාටවත් නිවන් යන්නත්, බ්‍රහ්ම ලෝකෙට යන්නත් ලේසි නෑ, මොකද අපි සසර ණය ගනුදෙනු වලට හිර වෙලා.. ඒවත් ගෙවාගෙනයි හෙමින් යන්න ඕනි.. පිට රටකින් වීසා ඇප්ලයි කලාට වැඩක් නෑ රටේ ණය නොගෙවා එයාපෝට් එකෙන් එලියට යන්න දෙන්නේ නැත්නම්.. දැන් මොකද කරන්නේ..?  බය වෙන්න එපා, ඒ ක්‍රමත් හෙමින් ඉගෙන ගමු. මුලින්ම ටිකෙන් ටික සසර ණය ගනුදෙනු පියවමින් සමබරව ගමන යන හැටි ඉගෙන ගමු.. තමන් රටටත් ලෝකයටත් ණය නැත්නම්, තමන්ගෙ අතේ ඕනි තරම් මුදලුත් තියෙනවනම්, නීතියට කොටු වෙලත් නැත්නම් තමන්ට කැමති හොඳ රටකට යන්න පුලුවන්.. හරි සරලයි. තේරුනාද මන්දා..

  මීට කලින් ලිපියේදී මම කිව්වා මේ විශ්වයේ පවතින සැබෑ නීති රීති ගැන යමක් කියන්නම් කියල. ඉතින් මෙතන ඒ ගැනත් කෙටියෙන් හෝ හැඳින්වීමක් කල යුතුයි. මේවා තෙරුම් නොගෙන අපිට ඉදිරියට ලස්සන ගමනක් යන්න බෑ.
  ඕනෑම රටක සමාජයක ඒ ඒ රටට සමාජයට ආවේණිකව කිසියම් සම්මත නීතිරීති රාමුවක් තියෙන්නෙට පුලුවන්. ඒවා ඒ ඒ ජාති ආගම් සංස්කෘති ආදිය අනුව සකස් වුනු සම්මුති රාමූන් වෙන්නත් පුලුවන්. එක සමාජයකට හෝ එක රටකට බලවත් ලෙස බලපානු ලබන නීතියක් හෝ රීතියක් තවත් සමාජයකට හෝ රටකට සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්. උදාහරණ හැටියට කොළඹට නගරයට කාන්තාවක් සාමාන්‍ය ලෙසට අඳින කොට ඇඳුමක් ගමට නොගැලපෙන අශෝබන එකක් වෙන්නට පුලුවන්. නගරයේ තුරුල්වෙලා පාක් එකේ ගස් යට හෝ මුහුදු වෙරලේ ඉන්න පෙම්වතුන් ගමකට නොගැලපෙන අශෝබන දසුනක් වෙන්න පුලුවන්.
 තවත් සමාජයක අඳින කාන්තා ඇඳුමක් මුස්ලිම් සමාජයකට කොහෙත්ම නොගැලපෙන එකක් වෙන්න පුලුවන්. ඇමරිකාවේ කාන්තාවක් අඳින ඇඳුමක් ලංකාවට නොගැලපෙන එකක් ලෙසින් සැලකෙන්නට පුලුවන්. රුසියාවේ නීත්‍යාණුකූල ගණිකා වෘත්තිය ලංකාවේ නීති විරෝධී ක්‍රියාවක් ලෙසින් සම්මත වෙලා තියෙන්නට පුලුවන්. එකම තේරවාදී බුද්ධාගම අදහන තායිලන්තයේත් ලංකාවේත් පවා ලිංගිකත්වය සම්බන්ධ නීති දෙකක් ක්‍රියාත්මක වෙලා තියෙන්න පුලුවන්.. ඇයි මෙහෙම..? අපිට කොතන හරි වැරදිලා තියෙන්න පුලුවන් මිත්‍රයා. බුද්ධිමත්ව හෙමින් හිතල හොයල බලන්න..
  මිනිස්සු සම්මුතියෙන් සදාචාරයෙන් සංස්කෘතියෙන් ආගමෙන් හෝ තවත් දෙයකින් කියා හදාගෙන එක එක මිත්‍යා රාමු ටිකකට කොටු වෙලා හිර වෙලා.. එහෙම කියලා මම කියන්නෙ නෑ මිනිස්සු තිරිසන් සතුන් මෙන් හැසිරෙන්නට ඕනි කියලා. ඕනෑම සමාජයක රටක ශිෂ්ඨ සම්පන්න පැවැත්මකට වැදගත් නීති රීති පද්ධතියක් නිබඳවම අවශ්‍ය වෙනවා. නැතිනම් මිනිස්සුන් සතුන් මෙන් අනාචාරීව හැසිරී විනාශය කරාම යනවා. යහපැවැත්ම උදෙසා පවතින ගෙදර සමාජයේ රටේ ඇති නීති රීති වලට අපි ගරු කල යුතුමයි. රටේ පවතින සම්මත රාජ්‍ය නීතියට අපි සියල්ලෝම එකසේ ගරු කල යුතුම වෙනවා. මොන නීති තිබුනත් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ විශ්ව නීති නියාමනය බව අප කවුරුත් හොඳින්ම මතක තබාගත යුතුයි.
  සැබෑ විශ්ව නීතිය හමුවේදී නම් අප මේ ගෙදර දොරේ සමාජයේ රටේ පනවාගෙන ඇති නීතිරීති වල බොහෝ අඩුපාඩු වෙනස්කම් නම් පවතින බව කිව යුතුම වෙනවා. අන්න ඒ ටිකයි අප කවුරුත් එකසේ තේරුම් අරගෙන හෙමීට හදාගත යුතු වන්නේ.

  මුල්ම යුගයේ මේ ලෝකෙ පැවැත්මට නීති තිබුනේ නෑ. රීති තිබුනෙත් නෑ. සාමාන්‍යයෙන් නීති කියන්නේ නියත වශයෙන්ම කල යුතු හා නොකල යුතු දේවල් වලට කියල තේරුම් ගන්න. රටක නම් පවතින රාජ්‍ය නීතිය කඩ කලොත් ඊට අදාලව දඬුවම් කරනු ලබනවා. ගණිකා වෘත්තිය තහනම් රටක එය කඩකරන අයට උසාවියෙන් දඩයක් ගහන්නට පුලුවන්. එමෙන්ම ඕනෑම සමාජයක ගෙදරක වුනත් ඔවුනොවුන්ට අදාලව දාගත්ත නීති තියෙන්න පුලුවන්. ඒවා කඩ කලාම ඒ ඒ බලධාරීන් විසින් ඒ නීති කඩකලවුන්ට කිසියම් දඬුවමක් දෙන්නටත් පුලුවන්. රැකියාව කරන ආයතනයේ පෙම්වතුන් සේ හැසිරීම තහනම් කරන ලද ආයතනයක එම නීතිය කඩ කල අයට දෙන දඬුවමක් ලෙස රැකියාවෙන් නෙරපන්නට පුලුවන්. අඩු කුළයක කෙනෙක් සමග විවාහ නොවිය යුතුයි කියා දරුවෙකුට තම දෙමව්පියන් නීතියක් දාල තියෙනවනම් එය කඩ කල දරුවාව දඬුවමක් ලෙසට ගෙදරින් පන්නන දෙමව්පියනුත් ඉන්නවා.
   රීති කියන්නේ දඬුවමක් නොලැබෙන එහෙත් සම්මුති වශයෙන් කල යුතු හා නොකල යුතු දේවල් වලටයි. පයින් යනවිට පාරේ දකුණු පසින් ගමන් කිරීම රීතියක්. ඒක කඩ කලා කියල දඬුවමක් ලැබෙනේ නෑ. විවාහක කෙනෙක් සැමියාගේ හෝ බිරිඳගේ අකමැත්තෙන් වෙනත් කෙනෙක් සමග ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි කියා සමාජයේ රීතියක් පවතිනවා. ඒත් ඒ රීතිය කඩ කලා කියලා ඔහුට හෝ ඇයට රාජ්‍ය නීතියෙන් දඬුවමක් දෙන්නට බෑ. අනාචාරයේ හැසිරීමට රාජ්‍ය නීතියෙන් දඬුවම් නෑ. නමුත් අනාචාරයේ හැසිරීම දික්කසාදයට හේතුවක් කරගන්නට පුලුවන්.
  විවාහයට කලින් කාන්තාවක් නම් තම කන්‍යාභාවය රැකගත යුතුයි කියා රීතියක් තියෙනවා. ඒක කඩ කලා කියල රාජ්‍ය නීතියෙන් දඬුවමක් නෑ. ඒත් ඒක වරදක් කියල සමාජයේ බොහෝ දෙනා අතර සම්මත වෙලා තියෙනවා. ඒ වරදට දඬුවම් දෙන අයත් සමාජයේ ඉන්නවා. වරදට සමාව දෙන අයත් සමාජයේ ඉන්නවා. දෙමව්පියන්ට, දරුවන්ට, අඹුසැමියන්ට සලකන්න ඕනි කියන එක නීතියක් නොවුනත් රීතියක්.. මෙසේ කල යුතු හා නොකළ යුතු බොහෝ දේවල් වල එකතුවක් 'යුතුකම්' නමින් සමාජයේ හට ගන්නවා.. මේ යුතුකම් ඉටු කරනවා කියා කියන්නෙත් එක්තරා අයුරකින් සසර ණය ගනුදෙනු පියවන ක්‍රමයක්ම වන බව තෙරුම් ගන්න.

 කෙසේ හෝ වේවා මේ ලෝකයේ ක්‍රියාත්මක වන ප්‍රධාන නීති රීති ක්‍රම 4කට බෙදන්න පුලුවන්.
1. විශ්ව නීතිය = සොබා දහමේ නීතිය, බුද්ධ නීතිය.
2. දේව නීතිය = ලෝක පාලක නීතිය, සුර නීතිය
3. මනුස්ස නීතිය = රාජ්‍ය නීතිය, මහා සම්මත නීතිය, අසුර නීතිය
4. යක්ෂ නීතිය = රාක්ෂ නීතිය, අමනුස්ස නීතිය, කැලෑ නීතිය
   මේ නීති හතර ගැන සම්පූර්ණ ලෙසින්ම කියා දීම නම් ටිකක් ලොකු කතාවක්. ඒවා හෙමින් හෙමින් ඔයාලටම අවබෝධ වෙයි ඉදිරියේදී. දැනට යම් අවබෝධයක් විතරක් ඔයාල ගත්තොත් ඇති.
  කෙටියෙන්ම කියනවනම් ලෝකයේ පවතින අති සියුම්ම ධර්මතාවයක් තමයි මේ විශ්ව නීතිය වෙන්නේ. නියාම ධර්ම, හේතුඵල න්‍යාය, ඇතුලු ස්වභාව ධර්මයෙන්ම පරිපාලනය වන සමස්ත ලෝක පැවැත්මමයි මේ කියන්නේ. බුදුවරුන් යුගයෙන් යුගයට පහලවී මතුකර පෙන්වා දෙන්නේද මේ ධර්මතාවයන්ම තමයි කියා කිවොත් ඉතා නිවැරදියි. ඇත්තටම මෙය කිසියම් හේතුවකට අනුව කර්ම ඵලයක් ලබා දෙන විශ්ව නීතියක්. යමෙක් වී වැපුරුවොත් ඔහුට වී අස්වැන්නක් ගත හැකිය. අඹ සිටෙව්වොත් අඹ ඵලදාවක් ඔහුට ලබාගත හැකිය. සෑම ඵලයකටම කිසියම් හේතුවක් ඇත. බොහෝ දුරට තම තමන්ම පෙර කළ ක්‍රියාවකට අනුකූළව වර්තමානයේ සුබඵල හෝ අඵල ලබයි. 'දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සියල්ල සිදුවේ" කියා ඇතැම් ආගමක උගන්නන්නේ ද මේ කර්මඵල න්‍යායේ ක්‍රියාත්මක වීමයි. ඉතා සියුම් අයුරින් ග්‍රහ මණ්ඩළ න්‍යාය ධර්මද මීට සම්බන්ධ වේ.

   මෙම සමහර අසුබ කර්මඵල මග හැරීමටද කිසියම් උපක්‍රම නැතුවාම නොවේ. සම්‍යක්ප්‍රයෝග කියන්නේද ඒවාටයි. අනන්තර සමනන්තර ප්‍රත්‍ය මග හැරීමේ ක්‍රම වේදයක්ද ඇත. කෙසේ වෙතත් සියල්ල කර්මය නිසා සිදු නොවන බවත්, තම උත්සාහය වීර්‍ය කැප කිරීම් වැනිදේ තුලින් ගැටලු මග හරවා ගැනීමට ක්‍රමවේද පවතින බවත් වටහාගත යුතුයි. කෙසේ වෙතත් මේ විශ්ව නීතිය හෙවත් සොබා දහමේ නීතිය තමයි ලොව පවතින අති සාධාරණම නීති ක්‍රියාවලිය වෙන්නේ.. යමෙක් යමෙකුට කල උපකාරයක් වේනම් ඊට අනුකූළව තමන්ටත් ප්‍රති උපකාර විශ්වයෙන් කෙදිනක හෝ ලැබෙනවා. යමෙක් තවත් කෙනෙකුට හිංසා පීඩා කලා නම් තමන්ටත් එවැනිම ඵලයක් කොයි මොහොතේදී හෝ ලැබෙනවා.
  තමන් කල කී දේ සියල්ලම තමන්ටම අදාල සංඛ්‍යාතයකින් යුත් කිසියම් විශ්ව දත්ත ගබඩාවක තැන්පත් වෙනවා. ඒක හරියට සියලු දෙනා කෙරෙහිම එල්ල කර ඇති සී.සී.ටීවී පද්ධතියකින් මොනිට කරනවා වගේ දෙයක් කියා තේරුම් ගන්න. සැබවින්ම විශ්ව සී.සී.ටීවී පද්ධතියෙන් නම් කාටවත්ම සැඟවිය නොහැකියි.
 තමන් අන්තර්ජාලයට අප්ලෝඩ් කල දේවල් තමන්ගේ ගිණුමකටම අයිති වනවාක් මෙන්ම තමන් විශ්වයට සිත කය වචනය හරහා නිකුත් කල සියුම් සංඛ්‍යාත්මක තරංග ශක්තීන් තමන්ටම ආවේණික දත්ත ගබඩාවේ නොනැසී තැන්පත් වෙනවා. ඒවා නිසි කලට වේලාවට කලින් කලට විටින් විට ඔහු කෙරෙහිම යොමු කරවන අති සියුම් සිස්ටම් එකක් ලොව පවතිනවා.. එලෙසයි කර්මඵල සකස් වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි කියලා භෞතිකවාදී පණ්ඩිතයින්ට නම් අපට පෙන්වා දෙන්න අමාරුයි.

  ඔබට අදාල දුරකථන අංකයට මා නිවැරදිව ඩයල් කලොත් ඒ ඇමතුම වෙනත් කෙනෙකුට යන්නේ නෑ. එය ඔබටම ආවේණිකයි. ඔබයි මමයි කතා කරන දේවල් පිට අයට නොඇසුනාට අදාල දුරකතන ආයතනයේ ඩේටා පද්ධතියක සටහන් වෙනවා. ඒවා ඔවුන්ට ඕනි නම් අහන්නත් පුලුවන්. උසාවියෙන් ඉල්ලුවොත් ඔවුන්ට එහි කොපියක් දෙන්නත් පුලුවන්.. ඒ වගේම තමන්ටම අදාල විශ්වයේ කිසියම් ස්ථරයක ඔහුගේ සියලු දත්ත තැන්පත්වී නොනැසී කල්ප ගනනක් පවතිනවා.. ඊ ලඟ අත් බවේදීත් ඒවා ඔහුටමයි අදාල වන්නේ. වාහනේ මාරු වුනාට  රියැදුරා එක්කෙනාමයි.. එහෙමත් නැත්නම් ෆෝන් එක මාරු වුනාට සිම්පත එකමයි... ඒ වගේම මේ සිරුර මාරු කර කර යන ගමනක් අපි කාටත් තියෙනවා.. සසර ගමන කියන්නෙත් ඕකටම තමයි ඉතින්..  
   විශ්ව නීතිය හෙවත් සොබා දහමේ අති සාධාරණ නීතියෙන් පැන යාමට කාටවත්ම ගැලවීමක් නම් නෑ. ඒකයි හැම නීතියකටම වඩා මේක අංක එකටම වැටෙන්නේ. ග්‍රහ මණ්ඩළ නීතියද මේ විශ්ව නීති පද්ධතියටම සම්බන්ධව ශූක්ෂම ආකාරයට ක්‍රියාත්මක වනවා. එම ග්‍රහ නියාමනය අධ්‍යනය තුලින් ද විශ්වයේ පවතින පුද්ගල දත්ත පද්ධතීන් යම් පමණකට හෝ කියවීමට හැකියාවක් පවතිනවා. එහෙත් ඒවා ඉසිවරුන් වැනි බහුශෘත අයගෙන් අසා දැනගන්නවා විනා, අද පොත පතින් පමණක් භාගෙට යමක් උගත් අති පණ්ඩිතයින්ගේ හා ප්‍රසිද්ධ ජෝතිෂ ව්‍යාපාරිකයින්ගේ හා පහත් පෙළේ භූතයන්ගෙන් අසා දැන ගන්නට යාම ගැන නම් ප්‍රවේශම් වීම ඉතා වැදගත් වෙනවා. කොහොම වුනත් යම් ලෙසකින් හෝ නිවැරදිව හරියට කරුණු කියන්නට පුලුවන් අය අදත් නැතුවාම නොවේ. අද බහුතරය හොර බොරු කාරයො වෙලා කියල විතරයි මම කිව්වේ. එනසායි ඉපැරණි බොහෝ වටිනා ශිල්ප සාශ්ත්‍ර අද හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ..

  කෙසේ හෝ විශ්ව නීතියෙන් පසුව ඊලඟට වැදගත් වන්නේ දේව නීතියයි. ලෝක පාලක දේවතා නීතිය නැත්නම් සුර නීතිය කියා කියවෙන්නේත් මේකටමයි. ලෝකයේ මිනිසුන් ඇතුලු සියලු සත්වයින්ටම ආදරය කරුණාව අනුකම්පාව දක්වන ගුණ යහපත් මිනිසුන් කොටසක් එදා සිටියා 'දේව' නමින්. සුරයින් කියන්නෙත් ඔවුන්ටම තමයි. ඔවුන් කාමයට ඉතාම ලැදියි. ඔවුන් හරි භාවාත්මකයි. කා සමගත් සතුටින් සහයෝගයෙන් සාමයෙන් ජීවත් වුනා. වැරදි කරන අයටත් අනුකම්පා කොට සමාව දෙනව මිසක් ලොකුවට දඬුවම් දෙන්නට ගියේ නෑ. හරිම සරල නීති සමුදායකුයි ඔවුන් තුල තිබුනේ. ස්වභාවයෙන්ම රාගික වූ ඔවුන් තමනුත් සුර සැප විඳිමින් අන් අයටත් සැප වින්දින්නට උදව් කලා. අසරණ අයට නිතරම පිහිට වුනා. ඔය සමන් දෙවි, ඊශ්වර දෙවි, කතරගම දෙවි වගේ නම් වලින් හැඳින්වෙන අයත් එදා සිටි ප්‍රධාන පෙලේ බළවතුන් නායකයින් පිරිසක් තමයි. තවත් පසු පෙලේ බලවත් දෙවිවරු බොහෝ සිටියා.(අදටත් මේ දේව ගතිගුණ තියන මිනිසුන් කොතෙකුත් සමාජයේ ලෝකයේ ඉන්න පුලුවන් බවත් වටහා ගන්න.)


  ඉතින් ඇතැම් මිනිසුන් තමන්ට දුකක් කරදරයක් ආවම මේ දෙවියො කියන අයට ගිහින් කිව්වා. එවිට ඔවුන් ඒ අයට නොයෙක් අයුරින් පිහිට වුනා, උපකාර කලා.
මේ දෙවි කියන අයගෙන් සමහරුන් මරණයෙන් පසු තම තමන් කරගත් පුණ්‍ය ශක්තීන්ට අනුකූලව සියුම් රූපී මනෝකායක් සහිතව තම තමන්ට ආවේණික තැන් වල පහල වුනා, ඉපදුනා. එහෙම සිටත් තම දේව ගතිගුණ වලට අදාලව ලෝක සත්වයින්ට ආශීර්වාද කලා. ජනයාත් ඔවුන් වෙත තම දුක් ගැනවිලි පුරුද්දට මෙන් දිගින් දිගටම කියමින් ගියා.
 අදාල පුද්ගලයාගේ දුරකතන අංකයට එස්.එම්.එස් පණිවුඩයක් යැව්වාම එය ඔහුට ලැබෙන්නාක් මෙන්ම ඒ දේව ශක්තීන් වෙත කිසියම් තරංග සංඛ්‍යාතයකින් මෙන් මේ මිනිසුන් යවන පණිවුඩ ලැබුනා. ඒක අහන බලන දෙවිවරුන් ඒ ඒ අයට ආශීර්වාදාත්මක චිත්ත තරංග යොමු කලා..(මා මේ පෙන්වන සංකේතාත්මක උපමා උපමේය ආදිය තුලින් තම තමන්ගේ බුද්ධි මට්ටම් වලට අනුව හැකි අයුරින් කරුණු වටහා ගන්නට බලන්න.) ඕනෑම කෙනෙකුගේ දුරකතනයක් ටැප් කරන්නට හැකියාවක් අදාල බලධාරීන්ට පුලුවන් වගේම මේ ඇතැම් දෙවිවරුන්ටත් පුලුවන් අදාල පුද්ගලයාගේ ඉල්ලීම මත ඔහුගේ විශ්වයේ පවතින දත්ත පද්ධතිය ඔන් කර බලන්නට, හරියට සී.සී.ටී.වී එකෙන් රිවස් කරල බලනව වගේ.. ඉතින් ඉන් එහාට ඔබම සිතා ගන්න..
 
  ලෞකික සැප සම්පත් ඉහලින්ම විඳින දෙවි කියන සුරයින්ට ඊර්ෂියා කරමින් ඔවුන්ට විරුද්ධ වූ පිරිසට තමයි එදා අසුරයින් කියා කීවේ.(අසුර නමින් හැඳින්වෙන වෙනත් අපාගත කොටසකුත් සිටින අතර මේ කියන්නේ ඔවුන් ගැන නොවේ.) කොටින්ම එදා සුර නොවන අය අසුරයින් ලෙස හැඳින් වුනා. මේ අසුරයිනුත් මිනිස් කොටසක්ම තමයි. හැබැයි අදහස්මය වශයෙන් යම් යම් වෙනස්කම් දෙපිරිස අතර පැවතියා. හරියට කියනවනම් මේ දෙගොල්ල ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී අදහස් දෙකක් තියෙන දේශපාලණ පක්ෂ දෙකක් වගේ කියා කීවොත් ඉතා නිවැරදියි. කාලයක් සුරයො රාජ්‍ය බලයට පත් වෙනවා. තවත් කාලයක් අසුරයො රාජ්‍ය බලයට පත් වෙනවා. සුර-අසුර දෙපිරිස අතර නිතරම යුද්ධ සටන් එහෙමත් හට ගන්නවා. අසුරයින් හිතුවා මේ ලෝකෙ තියෙන සම්පත් සමානව කාටත් බෙදෙන්න ඕනි කියලා. කෙනෙක් දුප්පත් වෙන්නෙත් පොහොසත් වෙන්නෙත් අසාධාරණ කම් නිසා විතරක් පමණයි කියලයි ඔවුන් තර්ක කලේ. කර්මඵල හේතු රටාව ගැන ඔවුන් ලොකුවට දැනන් හිටියේ නෑ, විශ්වාශ කලෙත් නෑ.
  අසුර පාක්ෂිකයින් ටිකක් දුරට දැඩි ගතියෙන් යුත්තයි. ඔවුන් කීවේ වැරදි කරන්නන්ට නිරතුරුවම දැඩි දඬුවම් දෙන්න ඕනි කියලයි. එහෙම වුනොත් විතරයි මේ ලෝකෙ හදන්න පුලුවන් කියලයි ඔවුන් සිතුවේ. ඔවුන්ගේ අදහසට අනුව වරදක් කලා නම් අම්ම තාත්තට වුනත් දඬුවම් දිය යුතුයි. කිසිම සමාවක් නෑ, කාටත් එකයි. සුරයන්ගේ පානයක් වූ සුරා වලට ඔවුන් තහනම් නීති දැම්මා. රාගයට හේතුවන සුරා නිසා තමයි බොහෝ ප්‍රශ්න කියල ඔවුන් සිතුවා. කොහොමත් ද්වේශයට ටිකක් බර අසුරයින් රාගයට කාමයට විරුද්ධවයි වැඩ කලේ. අධිකව කම්සැප විඳින අය කෙරෙහි ඔවුන් හරිම තරහයි. ඔවුන් නිතරම මෙන් අනෙකා සමග ගැටීමට හා සටනටයි රුචි කලේ. එහෙත් සුරයින් නිතරම අනෙකා සමග ආදරයට, ප්‍රේමයට හා සාමයටයි කැමති. ඔය යම, වේපචිත්ති, දැඩිමුණ්ඩ, රජ්ජු බන්ඩාර, සූනියම් ගම්භාර වගේ නම් වලින් හිටියෙත් මේ අසුර නායකයින්ම තමයි. රජවරු නමින් සිටි බොහෝ අය එදා මේ අසුර නායකයින් වුනා. දෙවියන්ගේ නායක රජවරු සක්‍ර හා දේවයන් වහන්සේ නමින් එදා සිටියා.
  ඇත්තටම මේ අසුරයින් කියා කියන්නේත් එදා 'මනුස්ස' නමින් සිටි මිනිස් කොටසක්ම තමයි කියා කීවොත් ඔබ පුදුමත් වෙයි. අද මනුස්ස කියන නම භාවිතා කරන්නේ මිනිස් කියන සමස්ත ජනතාවටමයි. ඒක නම් ලොකුම පැටලවිල්ලක්. ඉතින් මේ මිනිස් හා මනුස්ස කියන වචන පැටලැවිල්ල හරියට ලිහා ගන්නකම් අද මිනිස්සුන්ට දේව, මනුස්ස, යක්ෂ, රාක්ෂ, නාග ආදී වශයෙන් කියන සියල්ල පැටලිලා ඇනිලා තියෙන බව කියන්න වෙනවා. ඇත්තටම මේ දේව, මනුස්ස, යක්ෂ, රාක්ෂ, නාග ආදී වශයෙන් කියන මේ සියල්ලෝම ව්දා සිටි මිනිස් ජන වර්ගයෝම තමයි කියල තේරුම් ගත්ත දවසටයි ඔබ දිනන්නේ.. එතෙක් මිත්‍යා දෘෂ්ටියක එල්ලිලා ඉන්නවා වෙන්නටත් පුලුවන්. කවුරු කොහොම මට බැනත් කමක් නෑ, මේවා පැහැදිලි කරන්නට ලිපි වෙනම ලියන්නම්. දැනට ඔබ යම් අදහසක් ගත්තොත් ඇති.
  දේව ගති හා මනුස්ස ගති කියා දෙකක් ලොව හට ගත්තා. එසේම දේව ධර්ම හා මනුස ධර්ම කියා නීති දෙකකුත් ඇති වුනා.

  කොහොම හරි දේව නීතියෙන් පසු, මනුස්ස නීතියටත් වඩා තවත් රෞද්‍ර නීතියක් තියෙනවා යක්ෂ නීතිය කියලා. අමනුස්ස නීතිය, රාක්ෂ නීතිය, කැලෑ නීතිය කියා කියන්නෙත් මේකටම තමයි. කොටින්ම කියනවනම් එදා සිටි දේව හා මනුස්ස නොවන පිරිසට පොදුවේ 'අමනුස්ස' කියන නම ව්‍යවහාර වුනා. එවිට යක්ෂ, රාක්ෂ, නාග ආදී අනෙකුත් ජන කොටස් අමනුස්ස කියන ගනයට වැටුනා. ඒත් මේ ඔක්කොම මිනිස් ප්‍රජාව තමයි කියල හොඳට තේරුම් ගන්න. මොවුන් වෙනස් වුනේ ටිකක් දුරට අදහස්, ගති ගුණ, ගති ලක්ෂණ, අඳින පළඳින විදිය ආදී දේ වලින් විතරයි. හරියට ඉංග්‍රීසීන්, සිංහලුන්, දෙමලුන්, මුස්ලිම් ආදී වශයෙන් කෙරෙන කිසියම් බෙදීමක් වගේ කියල ඔබට යම් අදහසක් ගන්නට පුලුවන්. ඔවුනොවුන් තුල පොඩි පොඩි වෙනස්කම් තිබුනත් ඔවුන් ඔක්කොම මිනිස් වර්ගයාමයි නේද? ඒ වගේම තමයි ඔය දෙවියො, යක්කු, රාක්ෂයො නාගයො ආදී සියල්ලෝමත් එදා සිටි මිනිස් වර්ගයාමයි.
  ඉපැරණි පොත පතේ තිබුනු නම් ගොත් ගොඩක් පසුකාලීනව විග්‍රහ වෙනකොට ඔවුන් කියන්න ගත්තා, ඉස්සර ඉඳල තියෙනවා යක්කු නාගයො වගේ අමනුස්ස කොටස් කියලා. අදවන විට මේ අමනුස්සයො කියන්නෙ කිසියම් භූත කොටසක් විතරයි කියල කවුරුත් මෙන් හිතන්නට පුරුදු වෙලා. මේක මහ ලොකුම පටලැවිල්ලක්. මේක ලිහාගන්නට පුලුවන් වෙන්නේ ඉතා හොඳ විචක්ෂන බුද්ධියක් ඇති බුද්ධිමතුන්ටම පමණයි. අනෙක් අය ඉතින් මේ ලියන මටත් බැන බැන මොන මොනව හරි ටිකක් කියයි.. මගේ කාර්‍ය ඇත්ත සත්‍ය පෙන්වා දීම පමණයි. වටහා ගැනීම හෝ ඉවතලීම ඔබගේ කර්‍යයක්..
   කොහොම වුනත් අද ලංකාව කියන මේ අපි ඉන්න රටේ එදා යක්ෂයො, නාගයො, දෙවියො, මනුස්සයො වගේ ජන කොටස් හිටි බව ඔබට වැටහිය යුතුයි. ඔවුන් ඉන්දියාව දක්වා විහිදිලා පැතිරිලා සිටියා. අදත් ඔය කියන දේව, මනුස්ස, යක්ෂ ලක්ෂණ හා ගතිගුණ තියෙන මිනිස්සු කොතෙකුත් මේ සමාජයේ රටේ ලෝකයේ ඉන්නවා කියා හෙමින් කරුණු හොයා බැලුවොත් ඔබට හොඳින්ම තේරෙයි..
  ඉතින් මේ අමනුස්ස කියන අයත් කාලෙන් කාලෙට මේ රටේ එක එක ප්‍රදේශ පරිපාලණය කලා. ඔවුන්ගෙත් ප්‍රාදේශීය රජවරුන් සහ තවත් පාලකයින් එදා සිටියා.. ආලවක, සාතාගිරි, හේමවත වගේම ඔය කාලි, කඩවර, කුවේණි වගේ අයත් එදා සිටි යක්ෂ නායික නායිකාවො තමයි. ඔවුන්ලාගේ නීති රීති හරිම තදයි. දඬුවම් හරිම දරුණුයි, කුරිරුයි. වැරදි කරන්නන්ව අල්ලගෙන සාහසික විදියට මරල දානව. එක්කො හිස හත් කඩකට පලනව. ඔවුන්ගේ දරු පවුල් පිටින් විනාශ කරල දානව. කරුණාව, අනුකම්පාව ඉතා අඩුයි. අදටත් ඔවුන්ට පාක්ෂිකයිනුත්, ඔවුන්ගෙන් පිහිටක් සොයා යන අයත් ඉන්නවා. දෙවිවරුන් තමන්ගෙන් පිහිට පතන අයට ආශීර්වාද කරනවා මෙන්ම යක්ෂයින් වැරදි කරන්නන් වෙත ශාප චිත්ත කිරණ ශක්තීන් එල්ල කරනවා. එවිට ඒ ශාපවලට ලක් වූවන් කිසියම් ලෙසකින් පරිහාණිය කරා යනවා..

  කෙසේ නමුත් එදා පියවි ඇසට පෙනෙන අයුරින් ඝන කායක් සහිතව දේව, යක්ෂ, රාක්ෂ, නාග ආදී කියන ජන කොටස් සිටියාක් මෙන්ම අදත් එවන් අය ඝන කායක් සහිතව ඇසට පෙනෙන්නටත්, පියවි ඇසට නොපෙනෙන ලෙසින් සියුම් මනෝ රූපීමය කායක් සහිතව කිසියම් භූත කොටසක් ලෙසින් සිටින බවත් ඔබ හොඳින්ම තේරුම් ගන්න. ඒක නොවැටහෙනතාක් ඔබ බොහෝ දුරට කිසියම් මිත්‍යා දෘෂ්ටියක සිරවෙලා සිටිනවා වෙන්නට පුලුවන්.
  ඉතින් මේ ඇසට පෙනෙන හා නොපෙනෙන කියන දෙපිරිසගෙන්ම අපට විවිධ උදව් උපකාර මෙන්ම, විවිධ කරදර පීඩාත් එන්න පුලුවන් බවත් අමතක කරන්නට එපා. විශ්ව නීති ක්‍රියාවලියට අනුව අපට එක එක කාල වලදී ඇතැම් භූත කොටස් වලින් උදව් උපකාරත්, තවත් කලෙක සතුරු කරදර පීඩා ආදියත් එල්ල වෙන්නට පුලුවන්. මේවාට තම තමන් කර ගත් කර්ම ශක්තීන් ද සියුම්ව බලපානු ලබනවා.
  මගේ මේ ඝන කායේ මෙලොව නියමිත ආයුෂ ඉවර වුනාම මගේ රූප කාය මැරෙනවා. එහෙත් මනෝකාය හෙවත් නාම කාය ඉතිරි වෙනවා.. එවිට මට ඝන කායක් සහිතව නැවත උපදින්නට සුදුසු මව් කුසක් ලැබෙනකම් සියුම් කායකින් ගන්ධබ්බ භූතයෙකු ලෙසින් ඉන්නට වෙනවා. ඒ සියුම් කාය බොහෝ දුරට මා සිටි අවසන් කාලයේ ගති ලක්ෂන වලට අනුවයි පිහිටන්නේ. අවසන් කාලයෙ මම දේව ගතිගුණ වලින් යුත්තව සිටියා නම් එවිට මම දේව ගන්ධබ්බ භූතයෙක්. අවසන් කාලයේ මම මනුස්ස ගතිගුණ වලින් යුත්තව සිටියා නම් එවිට මම මනුස්ස ගන්ධබ්බ භූතයෙක්. අවසන් කාලයෙ මම යක්ෂ ගතිගුණ වලින් යුත්තව සිටියා නම් එවිට මම යක්ෂ ගන්ධබ්බ භූතයෙක්. ඒ විදියටම අනිත් ඒවත් එසේමයි. සසර ගමන අවසන් කර නැති කාටත් ඔය ටික තමයි වෙන්නේ.
 සතෙක් සිව්පාවෙක් මැරුනමත් ඌත් ගන්ධබ්බ භූතයෙක් වෙනවා. මෙලෙස අපට නොපෙනෙන විවිධ ගන්ධබ්බ භූත කොටස් කෙල කෝටි ගනන් මේ ලොව සිටිනවා. ඒ අතරින් වැඩි පිරිසක් අපේම ඤාතීන් වෙච්ච අය. ඔවුන් අපි පසු පස්සේම එනවා. සසර ණය ගනුදෙනු වලට අදාලව ඔවුන් අපිට උදව් උපකාර මෙන්ම කරදර පීඩාත් කරනු ලබනවා. ඔවුන්ට අපි සිදු කල අයුතු අසාධාරන කම් වලට අනුව ඔවුන් අපි පසු පස්සේම ඇවිත් සුදුසු වෙලාවක් ආ විගසින් අපිට දඬුවම් පීඩා උපද්‍රව ලබා දෙනවා. ඇතැම්විට මේ ගන්ධබ්බ භූතයින්ට අපේ කායට ඇතුල් වෙලා අපේ ඔලුව වෙනස් කරන්නත් පුලුවන් වගේම වෙනත් කෙනෙකුගේ ඇඟට ඇතුල් වෙලා අපිට හිරිහැර කරන්නත් ඔවුන්ට පුලුවන්. මේව කිව්වට බය වෙන්න එපා. අපි නිවැරදි නම් හොඳ ගති පැවතුම්වල ඉන්නවනම් කාටවත් මොනවත් කරන්නට අමාරුයි. මේ කොයිකෙනුත් බේරෙන්නට ක්‍රම සහ විධි තිබෙනවා. කලබල නොවී ඉන්න, ඒවා ඉදිරියට කියන්නම්.
   දැන් ඔබට ටිකක් හරි තේරෙනව නේද මේ ලෝකෙ ක්‍රියාත්මක වන සංකීර්ණ විශ්ව නීති ක්‍රියාවලිය ගැන. එහෙනම් අපි මේ හදාගෙන සම්මත කරගත් නීති රීති වලට වඩා බෙහෙවින්ම ගරු බුහුමන් කර පිළිපැදිය යුත්තේ විශ්ව නීතියම බව පේනවා. ලෝකය පිළිබඳව මනා අවබෝධයක් නැතිව ලෞකිකවූ අශා වලම ගිලී ඉන්න සාමාන්‍ය මිනිසුන් එකතුවෙලා හදා සම්මත කරගත් ඇතැම් නීතිරීති කිසි වැඩකට නැති ඒවා වෙන්නත් පුලුවන්. සමහර ඒවා අපේම විනාශයට ඉවහල් වන ඒවා වන අතර, මහා ඉහලින් දාගෙන ඇති ඇතැම් නීතිරීති, විශ්ව නීතිය හමුවේ කිසි වැඩකට නැති හිස් ඒවා වනුද ඇත.
  උදාහරණ හැටියට ධීවර කර්මාන්තය හා කුකුල් වැනි සත්ව ගොවිපොලවල් වලට රාජ්‍ය නීතියෙන් අවසර ලබාදී ඒවාට අනුබලදීම් හා උදව් උපකාරද කරයි. එනමුත් විශ්ව නීතියට අනුව කිසිම සත්ව හිංශාවක් නොකල යුතු වන අතර ඒවාට අනුබලදීම බරපතල වරදක් වේ. රාජ්‍ය නීතියට අනුව ගණිකා සේවණයේ යෙදීම වරදකි. නමුත් විශ්ව නීතියට අනුව තමන් සුරකින්නට කිසිවෙක් නැති අයට එහි යෙදීම කිසිම වරදක් නැත. සසර ණය ගනුදෙනු ගෙවා ගැනීමටද එය කිසියම් ලෙසකින් උපකාර වෙනවා. රාජ්‍ය නීතියට අනුව කංසා වැවීම හෝ ලඟතබා ගැනීම බරපතල දඬුවම් ලැබෙන වරදකි. නමුත් විශ්ව නීතියට අනුව එහි කිසි වරදක් නැත. කංසා යනු තුන් ලොවම දිනූ අංක එකේ ඖෂධ පැලෑටියකි.. (මම මෙහෙම කිව්ව කියල ඔයාල කවුරුවත් රාජ්‍ය නීති කඩල අහුවෙලා එහෙම නම් හිරේ යන්න එපා. රටේ ජීවත් වන අපි කවුරුත්ම පවතින රාජ්‍ය නීතියට ගරු කරලා ඒවා සුරකින්නට නීතියෙන්ම බැඳී සිටිනවා.)


  මිනිසුන් ආත්මාර්ථකාමීව හදාගත් සම්මත නීතියේදී කෙසේ සැලකුවත්, බහු පුරුෂ සේවනය, බහු භාර්‍යා සේවනය, සම ලිංගික සේවනය.. ආදී බොහෝ දේ විශ්ව නීතිය ඉදිරියේදී පාපකාරී දේවල් නොවේ. තමන් රකින්නට කෙනෙක් නැති අයට මේ කොයි දේත් වැරදි නොවේ. විවාහක අයට වුනත් දෙදෙනාගේ කැමැත්ත මත මොනව කලත් ඒවා කාම මිත්‍යාචාර පාපයට වැටෙන්නේ නෑ. ගොඩක් අය පටලවාගෙන ඇති මේවායේ ධර්මානුකූළ ඇත්ත නැත්ත ගැනත් වෙනම ලියන්නම්..
  ඉතින් ලිපිය නම් ගොඩාක්ම දික් වුනා. සැබෑ කම්සැප මිහිරක් විඳින්නට මෙන්ම දෙලොව දියුණුව ඇති කර ගන්නට ඉගෙන ගන්නව නම් මේ මූලික කරුණු ටික දැන ගැනීම අත්‍යවශ්‍යම වෙන නිසායි මේව ලීවේ. හැකි නම් නැවත වරක් දෙකක් හෝ මේ ටික කියවා බලන්න. බොහෝ දේ ඔබට හමු වේවි. මේ ටික අල්ලා ගත්තොත් ඔබ කවදාවත් පරදින්නෙ නම් නැති බව සිකුරුයි. මේවා තේරුම් ගන්න බැරුව ඇවිස්සිලා මාත් එක්ක කවුරුවත් ගැටෙන්නට එන්නටත් එපා. මෙහි ගත යුතු යමක් වේ නම් අරගන්න, නැතිනම් අන් අයට කරදරයක් හිරිහැරයක් නොවී කාරුණිකව වැදගත් විදියට මින් ඉවත් වෙන්න. ඔබේ අදහසුත් මෙහි ලිවීම අගය කොට සලකනවා. එහෙනම් අදට නවතින්නම්. ඔබට යහපතක්ම වේවා..

Comments

Popular posts from this blog

ස්වපීඩක ලිංගිකත්ව කාම රසාස්වාදය හා ෆෙම්ඩම් කියන්නේ මොකක්ද?

ලිංග, යෝනි වන්දනාව