ඔබට ගැලපෙන කෙල්ලෙක්/කොල්ලෙක් සොයා ගන්නට නම්..

  


මීට කලින් ලියූ "කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන.." යන ලිපියෙන් ලෝකයේ සැබෑ කම්සැප මිහිර සොයා යන කාටත් පාහේ මූළිකවම අවබෝධ කොට ගතයුතු ඉතාමත් වැදගත් කරුණු රාශියක් මම ඉදිරිපත් කලා. ඒ කියපු දේවල් සමහර අයට නම් එක පාරටම තේරුනේ නැති වුනත් ඉස්සරහට තේරුම් ගන්න පහසු වෙයි. ඒ ලිපිය නොබලපු අය කම්මැලි නැතිව ගිහින් කියවලම ආවොත් හොඳයි. මොකද නැත්නම් ඉස්සරහට කියා දෙන්න යන වටිනා දේවල් ඔයාලට ගිලිහිලා යන්න පුලුවන්.
   තමන්ට ආදරය කරන්නට වගේම තම ලිංගික සතුට භුක්ති විඳින්නට සුදුසු පෙම්වතියක්, පෙම්වතෙක්, බිරිඳක්, සැමියෙක්, යහලුවෙක්, යෙහෙලියක් සොයාගන්නට මේ කාම ලෝකේ කවුරුත් වගේම ආසයි. සමහරුන් ඒ වෙනුවෙන් අනන්ත අප්‍රමාණවත් වෙහෙසෙනවා, පීඩා විඳිනවා, දුක් වෙනවා. ඒත් සමහරුන්ට මේ කාමාස්වාද සැප විඳින්නට අවශ්‍ය කාම භෝගී වස්තු ඕනි තරම් තියෙනවා. කෙනෙකුට ලැබෙන්නත්, තවත් කෙනෙකුට නොලැබෙන්නටත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි නේද? දැන් සමහරෙක් කියයි කෙනෙක් ලස්සන නම්, ධනය, බලය ආදිය තියෙනවනම් අපිට ඕනි තරම් කට්ටිය හොයා ගන්න පුලුවන් කියලා. ඒක වැරදියි පුතා, දුවා. ඒක වැරදියි සහෝදරයා, සහෝදරිය..
  ලස්සන, ධනය, බලය ආදිය යම් පමණකට අපිට තියෙන්න ඕනි බව සැබෑය. මේ ලස්සන, ධනය, බලය ආදී දේවල් තමන්ට ලැබෙන්නත් හේතුවක් තියෙන්න ඕනි. ඇති හැකි නොහැකියා කම්, දුප්පත් පොහොසත් කම් ආදී තත්වයන්ට හේතුව සමාජයේ දේපොල වස්තුව සමව බෙදී නොයාම පමණක්ම නොවේ. එසේ විශමතාවයක් වෙන්නටත් කිසියම් හේතුවක් තියෙනව.. ඒක තමයි කියන්න්නේ හේතුවට අනුකූලව ඵල ලැබෙන සිස්ටම් එක ඉගෙන ගන්න කියලා, තේරුම් ගන්න කියලා. සැබෑ විශ්ව නීතිය ඉගෙන ගන්න කියලා. (මේ සම්බන්ධව කලින් ලිපියෙදී මම හොඳ මූලික විස්තරයක් කරල ඇති. ගිහින් බලන්න..)
  වී වැපුරුවොත් වීත්, මුං වැපුරුවොත් මුං ඇටත්, උඳු වැපුරුවොත් උඳුත් ලැබෙන න්‍යාය තේරුම් ගන්න. මේ විශ්ව නීතියට අනුව අපි වපුරන්නේ යමක්ද, සිටවන්නේ යමක්ද, ඊට අදාලව ඵලදාව ලැබේ. මේව හරිහැටි තේරුම් නොගෙන උඩින් පැනල ගිහින් ලෞකික කම්සැප හොයනව කියන එක නම් බොරු පුතාලා..
  අද කාලයේ ගොඩක් අය තමන්ට බිරිඳක් නෑ, කෙල්ලෙක් නෑ කිය කියා දුක් වෙවී පීඩාවෙන් ඉන්න බව පේනවා. ඒත් ඔවුන් තමන්ට එසේ වීමට බලපෑ සැබෑ හේතු හොයා ගන්නවත්, තමන් තුල ඇති අඩුපාඩුකම් සමුදාය හදා ගන්නවත් උත්සාහ කරන්නෙ නෑ. අනුන්ගෙම ඕපදූප හොය හොයා, අනුන්ව විවිවේචනය කරමින් ඔවුන්ට අපහාස කර කර, අනුන්ගෙ කාම සැපතට ඊර්ෂියා කුහක කම් කර කර ඉන්න අය මේ කර ගන්නේ තමන්ගේම කම්සැප නොලැබීමේ හා පරිහාණියේ වල කපා ගැනීමයි කියල ඒ ඔවුන් නම් තේරුම් ගන්නෙ නෑ. ඔවුන් පෙර සසරීදීත් අනුන්ගෙ සැපතට ඊර්ෂියා කුහක කම් කලා. පෙම්වතුන්ට, පවුල් වලට හදි කලා, හිංශා පීඩා පැමිනුවා. ඒ සසර පුරුද්දට අදත් එසේම කරනවා නම් තමන්ට හරියයිද? විශ්ව නීතිය කුමක්ද?
 
  ඉතින් දැන් සමහරෙක් කියයි, මම නම් කාටවත්ම ඊර්ෂියාවක් වරදක් කරන්නෙ නෑ, කාටත් උදව් පදව්මයි කරන්නෙ, ඒත් අපිටමයි වරදින්නෙ, අපිට මොකුත් නෑ කියලා. අනුන්ට අයුතු අසාධාරන ගිණිගෙඩි දෙන අහවල්ලු අර හොඳට ඉන්නේ උන්ට මොන කරුමයක්වත් නෑනෙ කියලත් කියයි.. අපිට මෙතනයි වැරදුනේ මිත්‍රයා..
 වී වපුරපු සැනින් වී කරල් එන්නෙ නෑ. ඒකට කිසියම් කාලයක් යනවා. දැන් කරන ඒවයේ ඵලය තව ඉස්සරහටයි මිත්‍රයා. පෙර කන්න වලදී කුඹුරු කොටල වී වපුරපු නැති අයට, දැන් වපුරන බීජ වල ඵලදාව එනකම් ටිකක් බඩි ගින්නේ ඉන්න වෙයි. ඒ වගේම පෙර සසරේදී වැරදි කරල ඒවාට අදාලව විපාක විඳින අයට දැන් කරන හොඳ වල ඵල ඉස්සරහට ලැබෙයි. එකපාරටම අඳුරෙන් එලියට යන්න අමාරුයි. පොඩි දුරක් කරුවලේම යන්න වෙයි.
 කලිනුත් වී වපුරල දැනුත් වපුරන අයට නම් කිසිම අවුලක් නෑ. එයාලට දැනුත් හොඳට කන්න බත් තියෙනවා. ඉදිරියටත් කන්නට තියෙනවා. එහෙම කම්සැප විඳින අයත් මේ සමාජයේ ඉන්නවා. ආලෝකයෙන් තවත් එලියට යන ඔවුන්ට අනෙක් කවුරුවත් ඊර්ෂියා කරල වැඩක් නෑ.
 සමහරු පෙර කන්නයේදී වපුරපුවයේ ඵල දැන් හොඳට කකා ඉන්න නමුත්, දැන් වී වපුරන්නෙ නැතුව කම්මැලි කමේ අන් අයටත් හිරිහැර කර කර ඔහේ නිකම් ඉන්නව. ඉතින් ඔවුන් දැන් කකා ඉන්න ටික ඉවර වුනාම ඉස්සරහට ඔවුන්ට කන්න ලැබෙයිද? එතන තමයි ගැටලුව පුතා. ඔවුන් ආලෝකයේ සිට අඳුර කරායි යන්නේ.
කොහොම වුනත් සමහරු පෙරත් වී වපුරල නෑ, දැන් වී වපුරන්නෙත් නෑ. ඒ මදිවට වවන අයටත් බාධා හිරිහැර කර කර ඉන්නවා. අඳුරෙන් අඳුරටම යන ඔවුන්ට ඉතින් තණකොලම තමයි කකා ඉන්න වෙන්නේ..

  කෙසේ හෝ වේවා ඔබ සොයන්නේ ඔබට ගැලපෙන හොඳ කෙල්ලෙක් නම්, කොල්ලෙක් නම්, බිරිඳක් නම්, සැමියෙක් නම් විශ්ව නීති ධර්මතාවන්ට අනුව එවැන්නෙක් ලබා ගන්නට ඔබ කලයුතු හා නොකල යුතු යුතුකම් ටිකක් තියෙනවා කියල හොඳට තේරුම් ගන්න. අප පෙර අත්බැව් වලදී කාමය, ප්‍රේමය, ආදරය අනුන්ට දීල නැත්නම් දැන් ඒව තමන්ට නෑ කිය කියා හිටියට හරියයිද? පෙර පෙම්වතුන්ට පෙම් කෙළින්නට ඉඩ දීල නැත්නම්, අඹුදරු පවුල් වලට ඔවුන්ගෙ නිදහසේ පාඩුවේ ඉන්න ඉඩ දීල නැත්නම්, ඒවා කඩා බිඳල ඉහිරවල දැම්ම නම්, දැන් 'අපේ ප්‍රේමයට බාධා එනව, අපේ විවාහය කැඩෙන්න යනව' කිය කියා හිටියට හරියයිද? පෙර කල කර්ම වලට සුදුසු ප්‍රති කර්ම කරමින් පිළියම් කිරීමෙන් පමණක් යම් සහනයක් හෝ ලැබේ. (ඒවාට ප්‍රතිකර්ම කර ගන්නා හැටි ඉදිරියට කියන්නම්.)
 අප විශ්වයට දුන් දේවල් වලට අනුකූලව තම තමන්ට ඵල ලැබෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. විශ්ව නීතිය එයයි. ඒ නීති රෙගුලාසි වලට පයින් ගහල යන අයට නම් සොරි තමයි ඉතින්. දෙවියන්, භූතයන්, යකුන් පස්සේ ගියාටත් වැඩක් නෑ එයාලටවත් ඒවට පිහිට වෙන්න තැනක් ඉඩක් නෑ.

  ඔබට ගැලපෙන හොඳ කෙල්ලෙක්, කොල්ලෙක්, බිරිඳක්, සැමියෙක්, යහලුවෙක් නම් ඔබ සොයන්නේ මුලින්ම දෙන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ගන්න. නොගත්තත් ඔවුන් බලෙන් හරි අපිට දෙනවා. දන් දෙන්න. දන් දෙනව කියන්නේ අද බොහෝ අය හිතන් ඉන්න විදියට කන්න කෑම ටිකක් දෙන එකටම නෙමේ. පංචකාම සම්පතම දෙන්න පුරුදු වෙන්න ඕනි. වෙස්සන්තර රජු තම රාජ සම්පත් මෙන්ම තම බිරිඳ පවා දන් දෙනවා. එයයි සැබෑ දානය, සැබෑ අත් හැරීම වන්නේ. හැම සැපතම තමන් පමණක්ම විඳිය යුතුයි කියා සිතන ආත්මාර්ථකාමි මිනිසුන්ට එහෙම කරන්න තියා හිතන්නවත් බෑ.  අනෙකාට පරිත්‍යාග කරන්න. ආදරය කරුනාව දෙන්න. සතුට සැනසීම ලබා දෙන්න. සමාව දෙන්න. නිදහස දෙන්න. මානසික කරදර පීඩා නොදෙන්න..
 මේව මෙහෙම දෙන්න පුරුදු වෙනකොට පොලියත් එක්ක හම්බ වෙයි ඉස්සරහට.(එහෙම කියල යමක් බලාගෙන තණ්හාවෙන් යමක් දෙන්නත් එපා.) අපෙන් පෙර ණය අරන් තියෙන අය අපිට අද ණය ගෙවනවා. අපි කාට හරි ණය වෙලා නම් අපිට පොලිත් එක්ක ඔවුන් වෙත ගෙවන්නට වෙනවා. ඒකයි විශ්ව නීතිය කියන්නේ. මේ ලෝකෙ පිරිල තියෙන්නේ සසර ණය ගනු දෙනු වලින්ම තමයි. ඒක හරියට දන්න කෙනා කාත් එක්කවත් හැප්පෙන්න ගැටෙන්න යන්නෙ නෑ. මේව නොදන්න අය හැමදාම ඉතින් අනෙකාත් එක්ක ගහ මරා ගන්නව තමයි. අපේ බැංකු ගිණුමේ මුදල් තියෙනවනම් තමයි අපිට ඒ.ටී.එම් එකෙන් කාඩ් එක දාල සල්ලි ගන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතුව හොරෙන් බලෙන් ගන්න බෑ. හොරෙන් ගත්තොත් විශ්ව සී.සී.ටීවී එකෙන් බලල අදාල අය ඒවාට පොලියත් එක්කම දැඩි දඬුවම් දෙනවා. හරි සරලයි නේද?

  අපිම හදා ගත්ත ණය ගනුදෙනු වලට අනුව තමයි අපිට අම්ම තාත්තල ලැබෙන්නෙත්, ස්වාමි බිරින්දැවරු, යහලු යෙහෙලියො වගේම සතුරො ලැබෙන්නෙත් බව අපි හොඳින් තේරුම් ගමු. ඇතැම් විට අපිට උදව් උපකාර කරන්නට කිසියම් සිස්ටම් එකකට අනුව සමහරු අපේම අම්ම තාත්ත වෙලා දූ දරුවො වෙලා, සැමියා බිරිඳ වෙලා, යහලුවො යෙහෙලියො වෙලා අප පසුපස එනවා. ඔවුන් ඇවිත් තියෙන්නේ ඔබේ ණය ගෙවන්නටයි. සැමියන් හා බිරින්දෑවරුනුත් මෙසේම වන අතර මාතුසම භාර්යා, භගිනිසම භාර්යා, සඛීසම භාර්යා, දාසිසම භාර්යා වගේ අය අපට හමු වෙන්නේද මෙවැනි ආකාරයටයි. (භාර්යාවන් වගේම පිරිමි අයටත් මේවා පොදුයි.)
 තම ඤාතීන් හිතවතුන් විදියට එන ඔවුන්ට හොඳින් සලකන්න. ගන්න තියෙන තමන්ට හිමි දේවල් පමණක් ඔවුන්ව තලා නොපෙලා අරගන්න. ඒකෙ පවක් නෑ. ඔවුන්ට නැවත නැවතත් දෙන්න. එවිට ඔවුන් දිගටම සිටියි. දැනට ඔවුන්ගෙන් ගෙවෙන්නට තියෙන ඔබේ ණය ඔවුන්ගෙන් ගෙවිල ඉවර නම් ඔබව හැර දමා ඔවුන් යයි. ඔවුන්ට සතුරු කම් කරන්නට, වෛර කරන්නට යන්න එපා. එයාලට තවත් ණය ගෙවිය යුතු අය ඉන්නවා. ඒවා ගෙවා දමන්නටත් ඔවුන්ට යන්න ඉඩකඩ දෙන්න. ඔබ ආත්මාර්ථකාමී වෙන්න එපා කිසි විටෙකත්. බලෙන් බැඳල, හිරකරල තියාගෙන ඔබ ඔවුන්ට ණය වෙන්නත් එපා. ඔබ ඔවුන්ට ණය කාරයෙක් වෙන්න එපා. එයාලට පාඩුවේ යන්න දෙන්න. නැවත පොලී එකතු වුන දවසකට නැවතත් ඔවුන් අපට ගෙවන්න එයි. එදාටත් දෙන දෙයක් ගත්තට කමක් නෑ. බලෙන් ගන්න ගියොත් නම් දෙන්න තියෙන ඒවත් නැති වෙයි. ඒකයි විශ්ව නීති ක්‍රමය..

   තවත් අමහරු අපේම අම්ම තාත්ත වෙලා දූ දරුවො වෙලා, සැමියා බිරිඳ වෙලා, යහලුවො යෙහෙලියො වෙලා අපෙන් පලි ගන්නටත් එහෙම අපි පසුපසින් එනවා. ඒක හොඳට තේරුම් අරගෙන ඔබ කලබල නැතුව ඔවුන් කෙරෙහි අනුකම්පා කරුණා සහගතව ඉවසීමෙන් කටයුතු කරන්න. අපි කවදා හෝ ඔවුන්ට කරපු අයුතු අසාධරණ කම් වලට අනුකුලව තමයි ඒවාට වන්ඳි වාඩු ගන්නට ඒ ඔවුන් විශ්වයෙන් වරම් අරගෙන ඤාතීන් හිතවතුන් විදියට ඇවිත් තියෙන්නේ. දෙවියන්ගෙන් වරම් අරගෙනයි ඇවිත් ඉන්නේ කියා ඔය සමහරු කියන්නෙත් මේකටම තමයි. තමන් හා විවාහ වෙලා තමන්ගෙන් පලි ගන්න සැමියන් බිරින්දලා කෙතරම් නම් මේ සමාජයෙ ඉන්නවද? වධක භාර්යා, චොරි භාර්යා, ස්වාමි භාර්යා වගේ අය අපට හමු වෙන්නේද මෙවැනි ආකාරයටයි. (ඒවා ගැන පසුව කතා කරමු.)
  අපිට ඔවුන් එක්ක හැප්පිලා වැඩක් නෑ, අපි ඔවුන්ට වෙච්ච ණය ගනුදෙනු ටික ගෙවා දමනවා හැරෙන්නට. අපි ඔවුන් සමග ගැටෙන්න ගැටෙන්න ඔවුන් තව තවත් බලවත් වෙනවා. අපේ ණය තව තවත් ගොඩ ගැහෙනවා. අපි කරුණා මෛත්‍රිය දක්වන තරමට ඔවුන් මෙල්ල වෙනවා. ඔවුන් ඉල්ලන දේවල් පුලුවන් විදියට ඔවුන්ට දෙන්න. ඔවුන්ට වෛර නොකර අපි ඔවුන් වෙත කරුණා මෛත්‍රිය දක්වන්න දක්වන්න ඒ ණය වලට වන්දි ගෙවෙනවා. ඒවා පියවෙච්ච දාකට ඔවුන් අපිව අත හැරල වෙනත් තැනකට යයි. නැත්නම් අපේ කරුණාව මෛත්‍රිය නිසාම ඔවුන් තම සාංසාරික තරහ මරහ සතුරු කම් අයින් කරගෙන සමගි වෙනවා. මෙතන ඉතාමත් ප්‍රවේශමෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. අඳුරෙන් එලියට යන්නට මිසක් අඳුරෙන් තව තවත් අඳුරට නම් යන්නට හදන්න එපා..
  මම මේ ඉතා කෙටියෙන් කිව්වේ ඔයාලගේ ජීවිත වලට ඉතාමත්ම වටිනා වැදගත්ම කරුණු ටිකක් බව අමතක කරන්න එපා. මේව තේරුම් ගැනීමටත් ඔයාලට පිණක් තියෙන්නට ඕනි. හැමදේම භෞතිකවාදීව විතරක් සිතල අමාරුවේ වැටෙන්නට එපා. සසර ණය ගනුදෙනු පියවමින්ම කාටත් උදව් උපකාර කරමින්, කම් සැපයන්ද භුක්ති විඳිමින්, සතුටින් සැනසීමෙන් ප්‍රායෝගිකව මේ ගමන අපි යමු. කොච්චර පන්සල් පල්ලි ගියත් වැඩක් නෑ මේවා හරි හැටි තේරුම් නොගෙන පිළි පදින්නේ නැතුව..  
 
  ඇත්තටම මේ ලියන මට මා හිතන පතන හැම කාම සැපයක්ම ලැබුනා කියා කිව්වොත් නිවැරදියි. විවිධ ආකාරයේ කාමුක ලිංගික ආශ්වදයන්ගෙනුත් මට අඩුවක් වුනේ නෑ. කාන්තාවනුත් ලැබුනා ඇතිවෙන්නම. මම විවාහ වුනේ අවුරුදු 21 දී. එවිට කෙල්ලට 18යි. මගේ කැමැත්තට අනුව හොඳට පවුල් ජීවිතයත් ගෙනිච්ච. ඇයට ආදරය කරුණාව හොඳින් දුන්නා. අවශ්‍ය සතුට සැනසීමත් ලබා දුන්නා. ඇයගෙන් මට උපරිම සතුට ලැබෙන විදියටත් මම ඇයව හදා ගත්තා. ඇයගේ සමහර සිතුම් පැතුම් වලටත් අනුව මමත් ටිකක් හැඩ ගැසුනා. ඇයට ඕනි තරම් නිදහසත් මම දුන්නා. ඇයව අනවශ්‍ය විදියට හිර කරල තියා ගත්තේ නෑ. ඇගෙන්ද අවශ්‍ය තරම් නිදහසක් මට ලැබුනා.
  ඇය වෙනුවෙන් මා බොහෝ පරිත්‍යාග කැපවීම් ද කලා. බොහෝ වැරදි දේ වලට සමාවත් දුන්නා. මම ඇයව තේරුම් අරගෙන නොගැටී කටයුතු කලා. පොඩි පොඩි ගැටුම් නම් කොයි පවුල තුලත් ඕනි තරම් තිබෙන්න පුලුවන්. කොහොම වුනත් ලිහා ගන්න බැරි තරමටම හිර වෙලා, ගැට ගැහිල, බැඳිලා අපි දෙදෙනාම හිටියේ නැති නිසා ලොව සැබෑ සැනසීමකුත් අපට තිබුනා. යමකට අනවශ්‍ය තරම් බැඳෙන තරමට ප්‍රශ්න වැඩි වෙන බවත් අත් හැරීමට පුලුවන් විදියට සරලව අල්ලා ගැනීම තුලින් පමණක් යම් හෝ සහනයක් ලැබෙන බවත් අප තේරුම් ගත යුත්තක්.
   මම එතරම් ලස්සන පිරිපුන් කායකින් සපිරි කෙනෙකුත් නෙමේ. එතරම් ලොකු මුදලක් තියෙන පොහොසතෙකුත්, කෙරුමෙකුත් නොවේ. ඇත්තටම මම සාමාන්‍ය කෙනෙක් විතරයි. ඒත් විවිධ ගනයේ කාන්තාවන් මගේ ඇසුරට ප්‍රිය කලා. මම කෙල්ලන්ව හොය හොයා ඔවුන්ගෙ පසු පස්සෙන් ගියේ නෑ. ඒත් සමහර කෙල්ලො මන් පස්සෙන් ආවා. එදා මම බඳින කොට මා සිටි වයසෙම කෙල්ල්න් වුනත් අද මට හමු වෙනවා. අද ඔවුන්ගේ වයස මෙන් මාගේ වයස දෙගුණයක් වේලා. ඔවුන් මම වෙනුවෙන් තම ධනය, ශ්‍රමය, කාලය කැප කලා. මම ඔවුන්ට සල්ලි වියදම් කලේ නෑ. ඔවුන්ට සතුටින් ඉන්න මග මම පෙන්නුවා, කියා දුන්නා. සැබෑවටම කාටත් ආදරය කළා. විසිරී ගිය බොහෝ පවුල් මම එකමුතු කලා. බිඳී විසිරෙන්නට ගිය පවුල් සමගි කරවා ඔවුන්ට සතුටින් ඉන්නට ක්‍රමය පෙන්වා දුන්නා, උදව් කලා.
  මම කොතෙක් කාන්තාවන් ඇසුරු කලත් කාම මිත්‍යාචාර පාපයෙන් බේරිලා තමයි කොයි දේ කලෙත්. (එහෙම කාම මිත්‍යාචාර පාපයෙන් බේරී කම්සැප විඳින ක්‍රම සහ විධි ආදියත් අවශ්‍ය අයට මම ඉස්සරහට කියා දෙන්නම්.) අසාධාරණ විදියට කාන්තාවන්ට බොරු කරල, වංචා කරල, රවට්ටලත් නෑ මම. හස්බන්ලට හොරෙන් ඔවුන්ගෙ ගෑනුන්ව රවට්ටගෙන අරගෙන අනාචාරෙ ගිය කෙනෙකුත් නෙමේ මම. ඒත් සමහර හස්බන්ල කැමැත්තෙන්ම මට ඔවුන්ලගෙ වයිෆ්ලව ඇසුරු කරන්නට ඉඩකඩ සලස්වා දුන්නා කිව්වොත් ඇතැම්විට සමහර අය විශ්වාස කරන එකකුත් නෑ. තමන්ව රකින්නට කවුරුවත් නැති තනිකඩ කාන්තාවනුත් මම කොතෙකුත් ඇසුරු කලා.
  කෙසේ නමුත් මා ඇතැම් වෙලාවට රෑ එලි වෙනකම් සමහර කෙල්ලන් එක්ක එක කාමරයක නිදිය ගත්තත්, ඔවුන්ට අවවාද උපදෙස් දී පිටත් කර හැරියා මිසක් ඔවුන් සමග මා ලිංගික කටයුතු කලේ නෑ. දකින දකින හැම කෙල්ලෙක් පස්සෙම යන්නට මට කෑදර කමකුත් නෑ. මට ඔවුන්ගෙන් හිමි ණය කොටස පමණක් හඳුනාගෙන මම ඔවුන්ගෙන් ගත්තා. මගෙන් දිය යුතු ණය ගනුදෙනුවක් වුනා නම් මම ඒවා ඔවුන්ට දුන්නා. එපමණයි.
   මම මේ දේවල් ඔයාලට කියන්නෙ මගේ ලොකු කම් කෙරුම් කම් කියන්නවත්, බොරු පුරසාරම් දොඩන්නවත් නෙමේ. ඔයාලටත් තම ජීවිත වලට සතුටක් ආස්වාදයක් ලබන්නට මගෙන් ගත යුතු දෙයක් තියෙනවනම් එය අරගන්නට මග පෙන්වීමට උදව් කරන්නටයි. මම දෙන තරමට, අත් හරින තරමට මට ලැබුනා. මාත් එක්ක ඇසුරට, බඳින්නට කියා ආපු හොඳ ලස්සන කෙල්ලන්ට කරුණු පහදා දී ඔවුන්ව අන් සුදුසු අයට කැමැත්තෙන්ම බන්ඳල දුන්නා. ආත්මාර්ථකාමීව සියල්ල හිමිකර ගන්නට මම කවදාවත් හිතුවේ නෑ. එනිසාම හැම සතුටක්ම ලැබෙන බවත් මම දන්නවා. යමක් අත් හැරීමෙන් ලැබෙන සතුට කියන්නේ අමුතුම සුන්දර එකක් මිතුරනේ..
  මම සුපිරිසිදු වැදගත් චරිතයක් කියාවත් බොරුවට සමාජයට පෙන්වන්නට මට උවමනාවකුත් නෑ. හැබැයි මම සම්මත නීති රීති වලින් පිට පැන කොයි දේ කලත් විශ්ව නීති රාමුවෙන් පිට පැනලා අසාධාරණ අයුරින් කටයුතු කරල නැති බව නම් අභිමානයෙන් කියන්නම ඕනි. මම මූලිකව ගරු කරන්නේ විශ්ව නීතියට පමණයි. සම්මත ලෝකයාගේ කීර්ති ප්‍රශංසා සැලකිලි සම්මාන මෙන්ම නින්දා අපහාස අවලාදයිනුත් මම එතරම් ගනන් ගන්නේ නෑ. මට වැදගත් වන්නේ නිවැරදි දේ හරියට තේරුම් අරගෙන කිරීම පමණයි.
  ඉතින් සමහරුන් නම් මම කරන රැකියාවට අදාලව කරන යම් යම් කටයුතු වලට වැරදි අර්ථ කථනත් දෙන්නට හදනවා, මා ගණිකා වෘත්තියට අනුබල දෙනවා කියා. විශ්ව නීතියට වගේම මා පවතින රාජ්‍ය නීතියටත් ගරු කරන කෙනෙක් හැටියට එහෙම නීති විරෝධී කටයුත්තකට කොහොමවත් දායක වෙන්නේ නෑ. විශ්ව නීතියට අනුව ගණිකා වෘත්තිය වැරදි එකක් නොවන අතර මෙරට රාජ්‍ය නීතියට අනුව නම් එය වරදක් වන බව අප දන්නවා. ඒ කොහොම නමුත් මා ඒවා කරන්නේවත් ඊට අනුබල නොදෙන බවත් කිව යුතුයි. මා වෛද්‍ය වෘත්තිකයෙකු ලෙසින් නියැලුනත්, මා වඩාත්ම කැමති වන්නේ මනෝ විද්‍යා උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීමටයි. එහිදී ලිංගිකත්වය සම්බන්ධව බහුල වශයෙන් කට්ටිය මා හමු වීමට එන එක වෙනම කරුණක්. 
   ඇත්තටම මම බොහෝ අයගේ ලිංගික ප්‍රශ්න හා පවුල් ප්‍රශ්න වලට උදව් කිරීමට වැඩි නැඹුරුවක් දක්වන්නේ, බොහෝ පීඩිත අයට ඉන් විශාල සහනයක් ලැබෙන එක ගැන මා තුලද සතුටක් පවතින නිසායි. මා අන් අයගේ ලිංගික කාම සතුට කෙරෙහි කිසිදා ඊර්ෂියා කුහක කම් කරන කෙනෙක් නොවේ. එනිසාමයි සැමදාමත් මෙන් ලිංගික කාම සතුටට සැනසීමට අදාල බොහෝ දේවල් මා පසුපස හඹා එන්නේ. මම පෙර සසරෙදිත් කාම සැපය විඳින්නට අන් අයටත් අවස්ථාව ලබා දුන්නා, අදත් දෙනවා. මම හැම විටම බලන්නේ ඔවුන්ට හැකි අයුරින් උදව් කරන්නටයි. ආයතනයක පැවැත්මක් තියෙන්න ඕනි නිසාත්, කොයි දේවත් අද ලෝකයේ නිකම් කරන්නට බැරි නිසාත් කරන ට්‍රීට්මන්ට් වලට අදාලව කිසියම් සාධාරණ මුදලක් ගන්නවා. ලිංගිකත්වය සම්බන්ධව කෙරෙන ප්‍රතිකාරයකට මුදල් ගත්ත කියල ඒක ගණිකා වෘත්තියක් වෙන්නේ නෑ. ඒවා මේ ගැන නොදන්න අයගේ හා ඊර්ෂියා සහගතව හා ද්වේෂ සහගතව අනුන්ට මඩ ගහන්න බලන් ඉන්න අයගේ බොරු අවලාද කතා විතරයි.
  කොහොම වුනත් ඔබට ගන්නට වැදගත් බොහෝ දෙ මේ ලිපියේ කියවුනා කියා මා විශ්වාස කරනවා. මේ ලිපියත් ටිකක් දික් වුනා වැඩිද මන්දා.. එහෙනම් නැවත හමුවෙමු. ඔබට යහපතක්ම වේවා..

Comments

Popular posts from this blog

ස්වපීඩක ලිංගිකත්ව කාම රසාස්වාදය හා ෆෙම්ඩම් කියන්නේ මොකක්ද?

ලිංග, යෝනි වන්දනාව

කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන..