කාම මිත්‍යාචාරය සහ කාම සදාචාරය


    මොකක්ද කාම ආචාරය? මොකක්ද කාම මිත්‍යාචාරය? කාම මිත්‍යාචාරය යහපත් සමාජයකට මහත් කැළලක් වගේම එය දෙලොවම පරිහාණියට පත්වන පාපයක් කියලයි සැලකෙන්නේ. එනිසා ඔය කවුරුත් කාම මිත්‍යාචාරයේ යෙදෙන්න හිතන් ඉන්නවනම් ඒක ගැන තව ටිකක් හොයල බලල කරගන්න දෙයක් ආචාරශීලීව පරිස්සමින් කරගත්තොත් කොයිකටත් හොඳයි නේද?. ඔක්කොටම කලින් කාම මිත්‍යාචාරය සහ කාමාචාරය කියන්නෙ මොකක්ද කියල නිරවුල් කර ගන්න ඕනි.
 අද සමහර පණ්ඩිතවරුන් පෙන්වාදෙන ඇතැම් වැරදි ඉගැන්විම් නිසා නිවැරදි හරි දේත් වැරදි හැටියටත්, වැරදි දේවල් නිවැරදි දේ හැටියටත් සම්මත කොට ගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙනවා..
 
   කාම මිත්‍යාචාරය කියනදේ කවුරුවත් වැරදියට තේරුම් ගන්නට එපා. ජීවිත කාලයටම තමන්ගේ සැමියා හෝ බිරිඳගෙන් පරිබාහිරව වෙනත් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හා ලිංගික සංසේවනයේ යෙදීම කාම මිත්‍යාචාරයයි කියල බොහෝ දෙනා හිතන් ඉන්න වැරදි අදහසක්. ඇත්තවශයෙන්ම කියනවනම් අනුන්ට අයිති කාම වස්තූන් තවත් කෙනෙකු විසින් සොරකමින්, වංචාවෙන්, කපටි කමින් හෝ බලහත්කාරයෙන් භුක්ති විඳිනවනම් ඒක කාම මිත්‍යාචාරයක්.
 මේක පංච කාමයටම පොදු වූ දෙයක්. එහෙත් යමෙකුට අයත්, යමෙකු සුරකින කාම වස්තුවක් ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුදැනුම මත කවුරුන් හෝ භුක්ති විඳිනවනම්, පරිභෝජනය කරනවනම් ඒක වරදක් නොවේ. කම් සැප භුක්ති විඳීමේදී සදචාරශීලී විය යුතුයි. අනුන්ට කරදරයක්, අයුක්තියක්, අසාධාරණයක් නැති ඕනෑම ආකාරයක ලිංගික සේවනයක්ද සදාචාරාත්මක එකක් වෙන්න පුලුවන්.
     
  අද කාලයේ ඇතැම් දූල, නංගිල, අක්කල ලිංගික ධර්මතාවන් පිළිබඳ අනවබෝධයෙන් සමහර කරුණු හොඳටම පටලවාගෙන තම ජීවිතත් අවුල් කරගන්නව. මොකද බොහෝ කාලයක් තිස්සේ අපේ සමහර වැඩිහිටියනුත් වැරදි අවබෝධයන් ඔලුවට දාල හොඳට පටලවලයි තියෙන්නෙ.
  ගොඩක් කාන්තාවන් හිතන්නේ තමන්ගේ කන්‍යාභාවය නැති වුනොත් හෝ තමන් හා ලිංගිකව එක්වුණු පළමු පුද්ගලයා කුමණ හේතුවක් නිසා හරි මග හැරුනොත් තමන්ට එම ජීවිතයෙන් කිසිම වැඩක් නෑ කියලයි. එහෙම වැරදි ලෙස හිතල සමහරෙක් එක්කො විවාහ නොවී ඉන්නව, නැත්නම් සියදිවි නසාගන්නව, එහෙමත් නැත්නම් තම ජීවිත කාලෙම දුකෙන් කනස්සල්ලෙන් ඉන්නවා. කන්‍යාභාවය කඩා ගත්ත තවත් සමහරෙක් දැන් කොහොමත් එකයි කියල හිතල හැම පව්කාර කමක්ම කරගෙන තම ජීවිතයත් කාලකන්නි කරගන්නව. එනිසා මේ ගැන නියම අවබෝධයක් ලබාගැනීම පිරිමි අයට මෙන්ම කාන්තාවන්ටත් ඉතාමත් වටිනවා.

   කාන්තාවක් පුරුෂයෙකු හා ලිංගිකව එක් වන තාක්කල් රකිනුයේ කන්‍යාභාවයයි. පිරිමි අයට නම් ඉතින් තියෙන්නෙ කුමර බඹසරනෙ. තනිව (ස්වයං වින්දනයෙන්) හෝ දෙදෙනෙකු එක්ව කෙරෙන පළමු ලිංගික සංසර්ගයෙන් එය අහෝසි වෙන්න පුලුවන්. කන්‍යාභාවය නැතිවීම යනු තමන්ගේ නැවුම් බව අනෙකාට ඔප්පුකර පෙන්වීමට තියෙන එක්තරා සම්මත සාධකයක් විතරයි. ඒක නොමැතිවීම කියන්නේ පාපයක් නොවේ. ආත්මාර්ථකාමී බමුණු අදහස් වල ඉගැන්වෙන හැටියට නම් ඒක ලොකු වරදක් වෙන්න පුලුවන්. ඒ බමුණු අදහස් කුමන ආකාරයකින් හරි පසුකාලීනව බුදු දහමටත් රිංගලා තියෙන බවක් පේනවා.
  බුදු දහමට අනුවනම් ඕක මහ ලොකු වටිනා වස්තුවක් නොවේ. කුණු ගොඩවල් 32කින් සමන්විත මේ කයේ කිසිම වටිනා කමක් නෑ. නව දොරකින් අසුචි වෑහෙන, කුණු වෙලා යන මේ කයේ කොතෙන්ටද වටිනා කමක් දෙන්නට පුලුවන්? මේව හරිහැටි තේරුම් නොගෙන ඇඟට මැස්සෙකුටවත් වහන්නට නොදී සමහරුන් ආරක්ෂා කරන්නේ ඇත්තටම මොකක්ද? යමෙකුට හිතන්නට පුලුවන්නම් 'කෙදිනක හෝ මේ කුණුවෙලා යන මගේ කයේ පහසෙන් කවුරු හරි සතුටක් ලබනවනම් ඒක මට සසර ණය ගනුදෙනු ගෙවෙන්නට හේතු වේවා' කියල ඇත්තටම ඒක පිනකුත් නොවේද? (ආත්මාර්ථකාමී, කුහක, බමුණු අදහස් තියෙන සමහර අය නම් දැන්  මට හොඳට පලු යන්න බනියි.) කොහොම වුනත් තම කන්‍යාභාවය පිරිසිදුව ආරක්ෂා කරගන්න පුලුවන්නම් නම් ඒක කෙල්ලන්ට හොඳයි. කොල්ලනුත් කුමර බඹසර රකින එක හොඳයි. දෙපිරිසම නොරැක එක් පාර්ශවයකට විතරක් රකින්න කියනවනම් ඒක සාධාරණ වූවක්ද? අනේ මන්ද..

   කෙල්ලන්ට ලිංගිකව එක් නොවී වෙනත් හේතූන් මතත් තම කන්‍යා පටලය කැඩී යන්නට ද පුලුවන්. තමන් අවංකව වරදක් නොකර තමන්ගේ කායිකව තියෙන කන්‍යා පටලය කැඩුනත් පිරිසිදුකම තමන්ට නැති වෙන්නෙ නෑ. හැබැයි ඉතින් වින්ඳනයක් ලබන්න කියල ඔය එක එක ඒව ගහල, ඇඟිලි ගහල කන්‍යා පටලය කඩා ගත්තට නම් කරන්න දෙයක් නෑ, එයාලට තම කන්‍යාභාවය නැති වෙනව. කොල්ලන්ගෙ බඹසරටත් ඉතින් ඔය කතාවම තමයි.
  එනිසා තමන්ගෙ නිසි වයස එන්න කලින් ඔය කොල්ලො, කෙල්ලො දෙගොල්ලම සතුටක් ලබන්න කියල හිතාගෙන තමන්ගෙ ලිංගේන්ද්‍රියන් අතපත ගාන්න ගිහින් අමාරුවෙ වැටෙන්නත් එපා. අඩු වයසේදී තම සිරුරින් දිගින් දිගටම ධාතු පිට කිරීමෙන් නොයෙකුත් ශාරීරික දුබලතාවයන්ට පත්වෙලා, රූපය අවලස්සන වෙලා, ආයුෂ අඩුවෙලා, කායිකව හා මානසිකව පිරිහෙනව කියලත් තේරුම් ගන්න.. උසස්පෙල, උපාධිධාරීන් කරන වැඩ සාමාන්‍යපෙළ ඉගෙන ගන්න ළමයි කරන්න යන්න එපා. එනිසා ඒව ඉගෙන ගෙන නිසි සමයේදී කරගන්න. නැත්නම් වැඩිහිටියන් වෙලා යමක් කර කියාගන්න බැරි වෙනකොට තමයි එදාට තමන් කරපුවගෙ රඟේ තේරෙන්න්නෙ. නිසි වයසේදී තමන්ගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වයන් උත්සන්න වුනාම සුදුසු විදියට සුදුසු දෙයක් කර ගත්තට නම් කමක් නෑ. හැබැයි කොයි දේටත් ඕනෑවට වඩා ඇබ්බැහි වෙන්න නම් එපා දූල පුතාලා..

   හොඳයි ඊලඟට අපි දැන් බලමු මොකද්ද මේ පතිවෘතා ධර්මය කියන්නෙ කියල. සැමියෙක් සිටින යුවතියක් ඔහු සමග පමණක් ලිංගික සංසර්ගයේ යෙදීමේ වෘතය සමාදන්වීම පතිවෘතා ධර්මය රැකීමයි. මෙය තම සැමියා සිටින තාක්කල් රැකීම හා ඕනිනම් යමෙකුට තම දිවි හිමියෙන් රැකීම යන දෙයාකාරයකින් කරන්නට පුලුවන්.
     කාන්තාවක් තම ජීවිත කාලයටම එක ස්වාමි පුරුෂයෙකු හා පමණක් ලිංගිකව එක්වීම දිවි හිමියෙන් පතිවෘතා ධර්මය රැකීමයි. අපි හිතමු යම් බිරිඳකගේ සැමියා අකාලයේ මිය ගියා කියල. හින්දු උගැන්වීමට අනුව නම් එවැනි කාන්තාවන් එක්කො එම දර සෑයටම පැන තමන්ද දිවි නසා ගත යුතුයි, නැත්නම් සදාකල්ම අන් පුරුෂයෙකු ලඟට නොයා යුතුයි. එහෙත් බුදුදහමේ නම් එහෙම උගැන්වීමක් කොතැනකවත්ම නැත. තමන්ගේ සැමියා මියගිය පසු හෝ තමන් හැරදමා ගිය පසු තමන්ට අවශ්‍ය නම් වෙනත් පුරුෂයෙකු හා එක්විය හැකියි. එම දෙවැනි පුද්ගලයා සමගත් ඇයට තම පතිවෘතා ධර්මය රැකගෙන ජීවත් විය හැකියි.  
    මේක කවුරුත් හොඳට තේරුම් ගත යුත්තක්. එනිසා සමාජයේ කණවැන්දුම් දික්කසාද වැනි හැම අය දෙසම වැරදි ඇසින් බලන්න එපා. වෙනත් කිසි කෙනෙක් ලඟට නොයා යුතුයි කියා නීතිරීති දමා තම බිරිඳව සුරකින මිනිසුන් සිටිනවා. එවන් මිනිහෙකුටට හොරෙන් තවත් කෙනෙකුගේ පහසක් පතන, සොයා යන හැම ගැහැණියක්ම අනාචාරයේ හැසිරෙන අය බව කවුරුත් දත යුතුයි. එයයි පාපයක් වෙන්නේ. පිරිමින්ටත් ඉතින් ඔය කතාවම තමයි. මේ මගේ සැමියා කියා දවසකට හරි කෙනෙකුගේ බිරිඳක් ලෙස සිටීනම් එම සිටින කාලය තුල ඔහුගේ අකමැත්තෙන් අන් පුරුෂයන් හා එක් වෙන්නට සිතයි නම් එය වරදක්මය.

    යම් කාන්තාවකට හෝ පුරුෂයෙකුට දිවි හිමියෙන් රකින පතිවෘතා ධර්මය අවංකව ආරක්ෂා කලහැකි වේනම් ඇත්තටම එය උසස් ගුණධර්මයක් වෙනව තමයි. එය අප අගය කල යුත්තකි. නමුත් එසේ නොකරන සියල්ලන්ම කාම මිත්‍යාචාර පාපයට ගොදුරු වන්නේද නැත කියාත් වටහා ගත යුතුයි..
  දිවිහිමියෙන් පතිවෘතා ධර්මය රැකීම උසස් ගුණයක් වනවා වගේම එය නොරැක්ක පමණින් පාපයක් නොවන බවද අප තේරුම් ගත යුතුයි. එය හරියට කියනවනම් යමෙකුට අවශ්‍යනම් දිවිහිමියෙන් අටසිල් සමාදන් වෙන්න පුලුවන්, වගේම බැරිනම් නිකම් ඉන්නත් පුලුවන්. හැබැයි අටසිල් ගත්තෙ නෑ කියල පව් සිද්ධ වෙන්නෙත් නෑ. ඒත් එහෙම කරන්න පුලුවන්නම් ඒක තමන්ට දෙලොවටම හොඳයි.. කවුරු හරි මස් මාලු කන්නෙ නෑ කියල සීල වෘතයක් රකිනවනම් ඒක හොඳයි. එහෙම කියල මස් මාලු කන අනෙක් අය නරක අයත් නොවේ..

    පෙර කාලයේ තම පතිවෘතා ධර්මය ආරක්ෂා කල උසස් කාන්තාවන් සත්‍යක්‍රියා කොට ගින්නෙන් පවා නොපිච්චි බේරුණු තැන් ගැන දහමෙහි සඳහන් වෙනව. හැබැයි මේක ඉතා සිල්වත්ව අවංකව කල යුත්තක්. එනිසා අද ඔය ධර්මතා නොරකින දූල, නංගිල එහෙම නම් ගින්නට පැනල නිකන් පිච්චිලා මැරෙන්න යන්න එහෙම එපා. ඒ වගේම ඔය පුතාල, මල්ලිල, අය්යලත් තම පෙම්වතියගෙ හරි නෝනගෙ හරි පිරිසිදු බව ඔප්පු කරන්න කියල හිටන්, එයාලට ගිනිගොඩකට පනින්න අනුබල දෙන විදියට අරෙහෙම කරන්න, මෙහෙම දිවුරන්න වගේ ගොන් වැඩ එහෙමත් කරන්න යන්න එපා හොඳද. කාටත් වරදට සමාව දෙන්න ඉගෙන ගන්න. ඒක හොඳ දේව ගුණයක්.. (කලින් ලිපි වලත් තවත් විස්තර ඇති.)
    අප කරන කියන හැම දේකටම හැම විටම සිතමයි ප්‍රමුඛ වන්නේ. විවාහක යම් කාන්තාවක් එක් මොහොතකට හොර සිතින් හරි පර පුරුෂයෙකු හා එක්වන්නට ප්‍රාර්ථනා කලහොත් එකෙනෙහිම තම පතිවෘතා ධර්මයේ බලය බිඳී අවසන් වෙනව. (හැබැයි දෙදෙනාගේ කැමැත්ත මත වෙනත් සබඳතා ගොඩ නගා ගැනීම වරදක් නොවේ කියලත් මතක තබා ගන්න.) ඉතින් රූපවාහිනී, අන්තර්ජාල වගේ මාධ්‍ය ජාල වලින් දැඩිලෙස කාමය ඇවිස්සිලා තියෙන මෙවන් යුගයක ඔය කියන තත්වයෙන් බේරිලා ඉන්නෙ කීයෙන් කීදෙනයිද නේද. ඔය පිරිමි අයගෙ කුමර බඹසර ගැනත් කියන්න තියෙන්නෙ ඔය කියපු ටිකම තමයි ඉතින්..

  ඒවගේම සත්‍යක්‍රියාවෙහි බලය ගණිකාවන්ටත් තියෙන ධර්මතාවයක් කිව්වොත් සමහරු පුදුමත් වෙයි. "යම් පුරුෂයෙකු යම් කාලයකට මාව මුදලට ගත්තේද, ඒ කාලය තුල මම කුමන ලෙසින්වත් අන් පුරුෂයෙකුගේ පහස නොපැතුවෙමි, එම සත්‍යයේ බලයෙන්.." ආදී වශයෙන් සත්‍යක්‍රියා කොට ජය ලබාගත් එක් ගණිකාවකගේ පුවතක් ධර්මයේ සඳහන් වෙනව. එහෙනම් ගණිකාවකට වුවත් පතිවෘතා ධර්මය රකින්නට නොහැකිද? ගණිකාව හෙවත් වෙසඟන යනු අප හිතන තරම් පහත් කෙනෙකු නොවේ. බුද්ධ කාලයේ සිටි අම්ඹපාලි, සිරිමා වැනි ගණිකාවන් පහත් අයද? එසේනම් අම්ඹපාලි පැවදි වීමෙන් පසු අසූමහා ශ්‍රාවිකාවන් අතරට වැටුනේ කෙසේද? එමෙන්ම යම් කටයුත්තකට යනවිට ඉදිරියට වෙසඟනක් මුණගැසීම සුබ ලකුණක් වන බවද හින්දු දහමෙහි සඳහන්ය. වෘත්තියෙන් පමණක් කෙනෙකු ඉහල පහල වශයෙන් මැනීම සාධාරණ නැත. එදා වෛශ්‍ය කුළයේ හෙවත් වෙළඳ කුළයේ අයට තමයි වෛශ්‍යාවො කිව්වේ. එදා වෛශ්‍යාවන්ගෙ අංගනාවියන්ට වෙසඟන කියා කිව්වා. අද ඒක මුදල් වලට ලිංගික පහස අලෙවි කරන අයට පමණක් කියන වචනයක් බවට පත් වේලා. (මේ ගැන වෙනම ලියන්නම්.)

   ඉතින් සමහරෙකුට දැන් හිතෙන්න පුලුවන් මම මේ කට්ටියව වරදට පොළඹවන්න හදනව කියල. මගේ වාසියට අරව මේව කියනව කියලත් හිතයි. මා හා කෝපව මට විරුද්ධ වන්නන්ද මෙතුලින් බිහිවෙන්න පුලුවන්.. නෑ මම මේ ඇත්ත තත්වයයි අවංකවම ඔයාලට පෙන්වල දෙන්නෙ. වරද වරද හැටියටත්, නිවැරද්ද නිවැරද්ද හැටියටත් දකින්න අපි පුරුදු වෙන්න ඕනි. නැත්නම් නිවැරදි දේත් ඒ බව නොදැන, තමන් වරදක් කරනවා යන හැගීමෙන් වැඩ කර නිකම් පව් පුරව ගන්නත් පුලුවන්.. ඒ වගේම හරිදේ කරනවා කියා සිතා වැරදි දේ කරමින් නොදැන පව්කම් කරගන්නත් පුලුවන්. එනිසා මෙහි මාගේ මූලික අරමුණ නම් ඔබට පාපයෙන් බේරීමට නිවැරදි මග පෙන්වා දීමයි.
  බුදු දහමේ නැති දේවල් අද සමහරුන් විසින් බුදු දහමට ඈඳාගෙන කතා කරනවා. ඒක වැරදියි. ලංකාව කියන්නෙත්, තායිලන්තය කියන්නෙත් තේරවාදී බුදුදහම තියෙන රටවල් දෙකක්. ලංකාවෙ බුදු දහම නැත්තටම නැති වෙලා ගිය සමයකදී උපසම්පදාව මෙරටට ගෙන එන්නෙත් එරටිනුයි. තායිලන්තයේ 97%ක් බෞද්ධයො ඉන්නවා. අපිට වඩා හොඳින් ඔවුන් දහමත් පිළිපදින අවශ්ථා කොතෙකුත් තියෙනවා. එරටට ගණිකා වෘත්තිය කිරීමට බුද්ධාගමෙන් කිසිම බාධාවක් වෙලා නෑ. එහෙනම් මෙරටට මොකක්ද මේ වෙලා තියෙන්නේ.? කොතන හරි අවුලක් තියෙනවා නේද මිත්‍රයා?
  ඔවුන් බොහෝ දේවල් කරන්නේ බුදු දහමේ තියෙන ඇතැම් පොයින්ට් වලට අනුවයි. වැඩකට නැති, හරයක් නැති මේ කුණු වෙලා යන සිරුරෙන් ඔවුන් වැඩක් ගන්නවා. කෙනෙකුට කාම පහස දන් දෙන්න බැරිද? කෙනෙකුට මේ සිරුරේ ඇස් ඉස් මස් ලේ දන් දෙන්න බැරිද?
  යමක් දීල මුදලක් ගන්න එක වෙනම කතාවක්.. ගුරුවරු, වෛද්‍යවරු තම කරන වෘත්තියට අදාලව මුදල් ගන්නෙ නැද්ද? සමහර පැවිදි අයත් මුදල් පිරිකර ආදිය ගන්නෙ නැද්ද? ඒකෙ වරදක් නෑ. කොතැනත් මුදලකට හෝ සේවාවකට අදාලව ගනුදෙනුවක් පවතින්න පුලුවන්. එහෙමනම් තම සිරුර විතරක් මුදලට පරිභෝජනය කරන්න දෙන අය විතරක් වැරදියි කියල මෝඩ විදියට සම්මත කරගෙන රාජ්‍ය නීතිරීති දාන එක හරිද? සාධාරණද?.
 ඒකයි මම කලින් පිලි වලත් පෙන්වා දුන්නේ මිනිසූන් ආත්මාර්ථකාමීව, කුහකව හදා ගත්ත නීති රීති වෙනයි, විශ්ව නීතිය වෙනයි කියලා.. යම් සේවයකට අදාලව මුදල් ගැනීම විශ්ව නීතියට අනුව කිසිම වරදක් නොවේ. ඒක කිසියම් ලෙසකින් සසර ණය ගනුදෙනු පියව ගන්නටත් හේතුවක් පහසුවක් වෙනවා.

  යමෙකුගෙන් යම් ප්‍රතිලාබයක්, යම් සේවයක් ගත්ත නම් ඊට අදාලව මුදලක් දුන්නම එතනින් ගනුදෙනුව ඉවරයි. නැත්නම් තමන් අනෙකාට ණයකාරයෙක් වෙන්න පුලුවන්. එහෙමයි විශ්ව නීති සිස්ටම් එක හැදිල තියෙන්නේ. මේව නොදන්න අයට කොහොම කරුණු කියා දෙන්නද? යම් කාලයකට, යම් මුදලකට තමන්ව යමෙක් මිළදී ගත්ත නම් ඒ කාලය තුලදී ඔහුව තම ස්වාමියා ලෙසින් සලකා ඔහුටම පමණක් සේවා සපයනවා මිසක් තමන් වෙන පුරුෂයන් ගැන හිතන්නේ වත් නැතිව සාධාරණව කටයුතු කරන්නට පුලුවන්. එම විශ්ව රීතියයි බොහෝ තායිලන්ත කාන්තාවනුත් අනුගමනය කරන්නේ. ඒවන් නිදහස් කාන්තාවන් පැයකට, දවසකට, සතියකට, මාසයකට.. ආදී ලෙසින් තම බිරිඳ හැටියට යම් මුදලකට කැමති අයට ගන්න පුලුවන්. ඒකෙ කිසි වරදක් නෑ. හැබැයි එහෙම නිවැරදි වෙන්නේ දෙදෙනාම තමන්ව රකින්නට වෙනත් කෙනෙකු හා බැඳී නැත්නම් පමණක් බවත් කියන්න ඕනි. තමන් අන් පුරුෂයන් හා නොයා යුතුයි කියා තමන්ව රකින්නට අය නැති නිදහස් කෙනෙක්ට මෙන්ම, තම ස්වාමියාගේ කැමැත්තට අනුව අන් අයෙක් හා ලිංගික කාම සේවනයේ යෙදෙන්නට පුලුවන් බව බුදු දහමට අනුකූලයි. අන්න ඒ ක්‍රමවේදයට අනුකූලවයි බොහෝ දුරට තායිලන්තයේ බෞද්ධයින් කොයි දේ කරන්නෙත්. ඒකෙ වරදක් නෑ.

   අනුන් විසින් ආරක්ෂා කරන, අන් පුරුෂයෙකු හෝ අන්සතු ස්ත්‍රියක් සමග ඔවුන්ගේ අකැමැත්තෙන් කාමසේවනයේ යෙදීම කාමමිත්‍යාචාරයක් වෙනවා කියල සාමාන්‍ය අර්ථයෙන් මෙහිදී අපට හඳුන්වන්න පුලුවන්. හැබැයි අන්සතු වුවත් එම සතු වූවන්ගේ කැමැත්ත මත කාම සේවනයේ යෙදීම පාපයක් වන්නේ නෑ. උදාහරණයක් විදියට සැමියාගේ කැමැත්ත මත බිරිඳ අන් පුරුෂයෙකු හා සිටීමත්, බිරිඳගේ කැමැත්ත මත සැමියා අන් ස්ත්‍රියක හා සිටීමත් කොහෙත්ම කාම මිත්‍යාචාරයක් නොවේ. එහෙම අය කොතෙකුත් ඉන්න පුලුවන් බව රහසක් නොවේ.
හැබැයි සැමියාගේ හෝ බිරිඳගේ විරුද්ධත්වය තිබියදී හොරෙන් අන් ස්ත්‍රියක හෝ අන් පුරුෂයෙකු හා සිටීම කාමමිත්‍යාචාරය බව තේරුම්ගත යුතුයි. එනිසා ඔවුනොවුන්ගේ අනුදැනුම මත විනෝදයට හෝ කුමන හේතුවක් නිසා හෝ අන් අයෙකු හා ලිංගිකව එක්වීම කාමමිත්‍යාචාර පාපයක් නොවනු ඇත. සම්මත සමාජයේ සමහරුන් මේ දෙස වැරදි ඇසින් බැලුවත් විශ්ව දහමට අනුව එහි වරදක් නැති අතරම මෙවැනි තත්වයන් කොතෙකුත් අප සමාජයේ දක්නට ඇත.
   ඇත්ත වශයෙන්ම අඹුසැමියන් මෙය මනාව අවබෝධ කරගෙන ඔවුනොවුන් කතාබහ කරගෙන තමනට ලිංගිකව ගැලපෙන වෙනත් අයෙකු හා සිටීමට අවශ්ථාව උදා කරගන්නේ නම් තම ලෞකික ජීවිතද සතුටින් ගතකිරීමට හැකියාව ලබාගත නොහැකි වෙයිද?. එහෙත් අකමැත්ත ඇති බිරිඳකට සැමියා විසින් ඇයට අනාචාරයේ යෙදීමට හෝ ගණිකා වෘත්තියේ යෙදීමට බල කරත්නම් සහ ඇගේ අකැමැත්තෙන්ම ඊට යොමු කරවත්නම් එය නම් බලවත් වරදකි. කැමති කරවා ගන්න එකත් හෙමින් කර ගන්න ඕනි දෙයක්.

කැපකිරීම්, පරිත්‍යාග හා දන් දීම්..
     අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ට යම් යම් කැපකිරීම්, පරිත්‍යාග කිරීම් සිදු කිරීමට හැකිවේනම් එය උසස් ගුණධර්මයක්මය. යමෙකුට තම සිතෙහි ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂියාව, කුහකත්වය දැඩිව පවතින තාක් කල් එය සිදුකළ නොහැකිය. සිත නොදියුණු බොහෝ මිනිස් අය බලන්නේ තමන් විඳින සැප අනෙකාට නොදී තමන් තුලම පමණක් රඳවා ගන්නටයි. කොහොම වුනත් කවුරුවත් තම බිරිඳ හෝ සැමියාව දැඩි නීති දමා හිර කර, කොටුකර තබන්න යන්න එපා. තමන්ටත් එය කවදා හෝ උරුම වන බව සිතන්න. බිරිඳ හෝ සැමියාගේ සතුට වෙනුවෙන් තමන්ට කලහැකි කැප කිරීම්, පරිත්‍යාග කිරීම් කරන්න. එය තමන්ගේ උසස් ගුණධර්මයක්. අප සැමදා ජීවත් වන්නන් නොවේ. අනෙකාගේ කුඩා වරදට හැකි සෑම විටකම සමාව දෙන්න. දේව ගුණ ඇති කර ගන්නට බලන්න.
    කාම සම්පත් දන් දීම හොඳ දෙයක් වෙනවා. එහෙත් කාමයට බලයෙන් පොළඹවා ගැනීම වැරදි දෙයකි. තමන් සතු පංචකාම සම්පත්තීන් අන් අයට දන් දීමෙන් මතු තමන්ටත් ඒවා ලැබීමට කිසියම් පුණ්ය ශක්තියක් රැස් වනු ඇත. වෙස්සන්තර රජුන් තම අඹු දරුවන් දන් දුන් බව අමතක කරන්න එපා. දන් දීම කල හැක්කේ පරාර්ථකාමී අදහස් ඇති උසස් අයට පමණයි. අනෙකාගේ සතුට වෙනුවෙන් තම සිරුර කැප කරන්නට හැකිනම් එය උසස් දෙයක්මය. ඇත්තම කියනවනම් නව දොරකින් අසුචි වෑහෙන මේ සිරුරේ ඇති වටිනා කම මොකක්ද? මහා ලොකුවට අප මේ ආරක්ෂා කරන්නේ කුණු ගොඩක්ම නොවේද? ඊට ඇති දැඩි ආශාව අත් හැර යමෙකුගේ කාම පිපාසාව සංසිඳුවා ගැනීමට පිරිසිදු සිතින් අවශ්ථාව උදා කරදීම වරදක්ද කියා විමසිය යුතුය..

 මෙහිදී ලෝකයෙහි සමාජගත සම්මත නීතිය එකක් බවත්, ස්වභාව ධර්මයේ පවතින විශ්ව නීතිය අන් එකක් විය හැකි බවත් අප හොඳින් තේරුම් ගත යුතුයි. සම්මත කරගත් ඇතැම් නීති ධර්මතාවයට පටහැනි වියහැකි බවත්, ධර්මතාවයට ගැලපෙන ඇතැම් දේ සමාජ සම්මතයට බලවත් වරදක් සේ පෙනෙන්නට හැකි බවත් අප වටහාගත යුතුය. ඒ ඒ සමාජ හා රටවලට අනුව සම්මත නීති රීති වෙනස් විය හැකි බවත් අප වටහාගත යුතුය. ('කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන..' යනුවෙන් මා කලින් ලියූ ලිපිය බලන්න.)
 මුස්ලිම් සමාජයේ පුරුෂයෙකුට කාන්තාවන් කීප දෙනෙකු හා විවාහ විය හැකිය. ඔවුන්ට එහි කිසි වරදක් නොවුනත් අන් සමාජයකට එය බරපතල වරදක් ලෙස පෙනෙයි. එසේම තායිලන්ත වැනි රටවල ගණිකා වෘත්තියේ යෙදීම හොඳ දෙයක් හැටියට සලකයි. අප රටේ එය බලවත් වරදක් ලෙස සලකයි.
  කාලයෙන් කාලයට, යුගයෙන් යුගයට අනුවද මෙම සම්මත නීති වෙනස් වේ. පෙර ලංකාවේ එකගෙයි දීග කෑම සාමාන්‍ය වූ දෙයකි. ඔවුන් එකම බිරිඳක් තබාගෙන නොගැටී පවුල් කා සමගියෙන් විසුහ. එසේම පෙර කාලයේ නිවසට ආගන්තුකයෙක් පැමිනුන හොත් ඔහුට කරන සංග්‍රහයක්, දානයක් ලෙසින් තම බිරිඳ සමග එක්ව නිදා ගැනීමට අවශ්ථාව දී ඇති බවට තොරතුරු හමුවේ. එය ඔවුන් උතුම් ආගන්තුක සත්කාරයක් සේ සැලකූහ. ඇත්තටම අද මෙන් එදා මිනිසුන් දැඩි ආත්මාර්ථකාමීත්වයෙන්, තන්හාවෙන් කිසිවක් බදාගෙන නොසිට ඇති බව පේනවා. අල්පේච්ඡතාවයෙන් සැහැල්ලුවෙන් සමගියෙන් අතුටින් ඔවුන් දිවි ගෙවූහ. බදාගැනීම් වලට වඩා බෙදා ගැනීම් වැඩි විය. මේ අභාෂය උගත් බටහිර, යුරෝපා වැනි ජාතිකයින්ද තම ස්වාමි බිරින්දෑවරුන් සමග අනවශ්‍ය අයුරින් තණ්හාවෙන් බදාගෙන ඇලෙන්නට ගැටෙන්නට යන්නේ නැත. ඔවුන් තම තමන්ගේ අඩුපාඩු ඇත්නම් ඔවුනොවුන් කතාබහ කරගෙන වෙනත් සුදුසුකම් ඇති අයෙකු හා සම්බන්ධවී ලිංගික ආස්වාදයනුත් ලබයි. ඔවුන් තම බිරිද හෝ සැමියා අන් අයෙකු හා සතුටින් සිටිනවා දුටු පමනින් කෝපාවිෂ්ඨව ගහ මරාගන්නට යන්නේ නැත. ඔවුන් අවබෝධයෙන් සතුටින් ලිංගික ආස්වාදයන්ද හොඳින් ලබමින් සමගියෙන් සිටිති. මෙම කරුණු අප විසින් එක එක සම්මත රාමුවලට කොටුනොවී විමසා බලන්නට පුරුදු විය යුතු නොවේද.?

   කාම මිත්‍යාචාරයෙන් බේරෙන ක්‍රම සහ විධි..

බුදු දහමට අනුව තමන් ස්වාමිපුරුෂයෙකු යටතේ නොවන ස්ත්‍රියකට, තමන් කැමති පුරුෂයෙකු හා ඔහුගේද කැමැත්ත අනුව කාම සේවනයේ යෙදීම වරදක් නොවේ. උදාහරණ ලෙස තම සැමියා මියගිය කාන්තාවන්න්ට හා සැමියා තමන්ව හැරදමා ගොස් ඇති කාන්තාවන්ට එහි කිසිඳු ගැටලුවක් නැත. ස්වාධීනව සිටින පුරුෂයෙකුටද එවන් ස්ත්‍රියක් හා කාම සේවනයේ යෙදීමෙන් තමන් කාම මිත්‍යාචාර පාපයට වැටෙන්නේද නැත.
    එමෙන්ම විවාහ නොවී දෙමාපිය, සහෝදරාදීන්ගේ ආරක්ෂාව, රැකවරණය යටතේ නොසිටින ස්ත්‍රියටද ස්වාධීනව සිටින පුරුෂයෙකු හා ඔහුගේද කැමැත්ත අනුව කාම සේවනයේ යෙදීම වරදක් නොවේ. එහෙත් දෙමාපිය, සහෝදරාදී කාගේ හෝ ආරක්ෂාවක්, රැකවරණයක් යටතේ සිටින ස්ත්‍රියක් හා ඒබව දැන දැනත් හොරෙන් කාමසේවනයේ යෙදෙන පුරුෂයාට පාපයක් සිදුවනු ඇත. නමුත් ඔවුන්ගේ අකමැත්තක් ඊට නැත්නම් එහි ද වරදක් නැත.

   තමන් විවාහකව සිටියදී සැමියාට හෝ බිරිඳට හොරෙන් අන් කිසිවෙකු හා කාමසේවනයේ යෙදීම මිත්‍යාචාරයකි. අන් කෙනෙකු යටතේ නොසිටන තමන්ට, වෙනත් අයෙකු හා කාමසේවනයේ යෙදීමේ වරදක් නැත. එනමුත් අනෙකා පර පුරුෂයෙකු හෝ පරස්ත්‍රියක බව දැන දැනත් එක්වීමෙන් දෙදෙනාටම පව් සිදුවේ. ඒ බව නොදැන එක්වීමෙන් තමන්ට පව් සිදු නොවේ. එහෙත් විවාහවී සිටියද විවාහවී සිටින තැනැත්තාගේ කැමැත්ත මත වෙනත් අයෙකු හා එක් වීමෙන් කාටවත් පව් සිදු නොවනු ඇත.
   ස්වාමිපුරුෂයෙකු යටතේ නොවන ඕනෑම ස්ත්‍රියකට ගණිකා වෘත්තියේ යෙදීමෙන් පාපයක් සිදුවන්නේ නැත. එසේම ඊට තම ස්වාමිපුරුෂයාගේ අකමැත්තක් නොමැති නම් එහිද වරදක් නැත. කාන්තාවක් නියමාකාරයෙන් වෛශ්‍යා වෘත්තියේ යෙදීම කොහෙත්ම කාමමිත්‍යාචාර පාපයට නොවැටෙන්නකි. එමෙන්ම අවිවාහක හෝ බිරිඳගේ අකමැත්තක් නැති පුරුෂයෙකු එවන් වෙසඟනක හා කායිකව එක්වීමෙහිද වරදක් නැත.
   එමෙන්ම තම අකමැත්ත ඇති යම් ස්ත්‍රියකට, මොනයම් හෝ කෙනෙකු විසින් ඇයට අනාචාරයේ යෙදීමට හෝ වෛශ්‍යා වෘත්තියේ යෙදීමට බල කරත්නම්, අකැමැත්තෙන්ම යොමු කරවත්නම් එය බලවත් වරදකි.

   කාන්තාවක් හෝ පුරුෂයෙකු නිසි කාලයේදී, වයසේදී නිසි පරිදි ස්වයං වින්දනයේ යෙදීම මිත්‍යාචාරයක් නොවේ. එහෙත් ඉහතින් කියූ ආකාරයේ අන්සතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු තම සිතෙහි අරමුණු කරගෙන වින්දනයේ යෙදේ නම් තමන්ට යම් පවක් සිදුවනු ඇත. අන්සතු බව නොදැන කෙනෙකුගේ පිංතූරයක්, වීඩියෝවක් බලාගෙන හෝ යමෙකු සිතෙහි අරමුණු කරගෙන වින්දනයේ යෙදීමෙන් තමන්ට වරදක් නොවේ. අන්තර්ජාලයේ හෝ අන් තැනක ඇති තමන් නොදන්න අයගේ පිංතූර, වීඩියෝ බලාගෙන යමෙක් ස්වයං වින්දනයේ යෙදීමත් වරදක් නොවේ.
  සමලිංගික විවාහකයින්ටද බලපානුයේ ඉහත සඳහන් අඹුසැමියන්ට අදාල නීති රෙගුලාසිමය. සමලිංගිකත්වය යනුද පාපයක් නොවේ. සම්මත නීතියේ දී පමණයි සමහරුන් එදෙස වැරදි කෝණයකින් බලනුයේ. පෙර අත් බැව් වලදී කාන්තාවන්ව සිටි අය මෙකල පිරිමින් වීමත්, පෙර අත් බැව් වලදී පිරිමින්ව සිටි අය මෙකල කාන්තාවන් වීමත් මේ සමලිංගිකත්වයට හේතු වෙනවා. කෙසේ නමුත් විවාහක සැමියාට හෝ බිරිඳට හොරෙන් යමෙකු සමලිංගිකයෙකු හා කාමසේවනයේ යෙදේ නම් එය කාම මිත්‍යාචාරයම වේ.

   තවත් වෙනත් අසම්මත කාමාශාවන් කොතෙකුත් ඇති අයද අප සමාජයේ සිටින අතර, කාටවත් කරදරයක් පාඩුවක් නැති එම සාමාන්‍ය ආශාවන් අඹුසැමියන් විසින් කතාබහ කරගෙන සපුරා ගැනීමෙන් නම් එහි ලොකු වරදක් වන්නේ නැත. අවිවාහක අයටද ඊට ගැලපෙන අයෙකු හා සම්බන්ධ කරගෙන කටයුතු කල හැකිය. සාමාන්‍යයෙන් සංසර්ගික අවශ්ථාවේදී අනෙකාගේ දෙපතුල්, ලිංගේන්ද්‍රයන්, ගුදමාර්ග, කිහිළි, කට ඇතුලු සිරුරේ සෑම තැනක් පාහේම සිඹීම, ලෙවකෑම, උරාබීම වගේ දේවල් සාමාන්‍ය සම්මත ලිංගික ස්වභාවයන් වෙන්න පුලුවන්. ඒවාට මෙහිදී කවුරුවත් වරදක් කියන්නේ නැත.
 එහෙත් අන් අයට හිරිහැර දායක වන දැඩිව පවතින විකෘති ආශාවන් තුලින් තමාව මහත් ප්‍රපාතයකට තල්ලු කර දමනවා. එය තමන් විසින්ම ප්‍රපාතය වෙත පාරක් කපා ගැනීමකි. තම මව පියා මෙන්ම අනාගාමී වැනි තත්වයන්ට පත් වූ අය හා ලිංගිකව එක් වන්නට සිතීම පවා විශ්ව නීතියට අනුව බලවත් වරදකි, පාපයකි.
  එසේ වුවත් ලිංගික සේවනයට තරුණ වැඩිහිටි වයසේ කියා එහි බලපෑමක් ද නැත. පෙර සසරේ අඹු සැමියන් වෙලා හිටපු අය මෙලොව ඉපදීමේ කාල පරතරයන්ට අනුව තරුණ මහලු වශයෙන් ඔවුනොවුන් හමු වෙන්නට පුලුවන්. එහිදීත් පෙර පුරුද්දට අනුව සම්බන්ධතා ගොඩ නැගෙන්නට පුලුවන්. සම්මත නීතියට අනුව කොහොම සැලකුවත් විශ්ව නීතියට අනුව ඒවායේ වරදක් නෑ.
    සුණඛයෙකු මෙන් නිවටව, වහල්ව, පහත්සේ ඔවුනොවුන්ට කටයුතු කිරීමට කැමති ස්වපීඩක ආශා ඇති අය සමාජයේ සිටින්නට පුලුවනි. ඉන් අනෙකාට හිරිහැරයක් නැතිනම් එලෙසින් ස්වපීඩක කාමුක ආශ්වාදයක් ලැබීමෙහිද ලොකු වරදක් නැත. එසේම යමෙකු ලිංගිකත්වයේදී අනෙකාට දැඩිව හිංශා පීඩා වද හිංශා කරමින් පරපීඩා කාමුක ආශ්වාදයක් ලබයි නම් එය ලොකු වරදකි. එනමුත් අනෙකාගේ රුචිකත්වයෙ කැමැත්තකට අනුව එසේ රෞද්‍ර ස්වරූපයෙන් භූමිකා රඟ දැක්වීමක් පමණක් සිදු කරන අයට ඉන් කිසි වරදක් නැත. එය අසහනයකින් පෙළෙන කෙනෙකුට ඉන් සහනයක් ලැබීමට කරනු ලබන සහායක් පමණි. තමන් විසින් පෙර සසරේදී අනෙකුන්ට සිදු කරනු ලබන අයුතු අසාධාරණ වලට කිසියම් අයුරකින් විපාක විඳ, ඒවාට සමාවක් ගෙන එම අඵල වලින් යම් සහනයක් ලැබීමටද මෙවන් ක්‍රම උපයෝගී කර ගත හැකිය. අප විසින් හඳුන්වාදී ඇති 'ෆෙම්ඩම් ට්‍රීට්මන්ට්' යනු ද එවන් එක් ක්‍රමයකි.

   කෙසේ හෝ මා මෙහිදී කාමමිත්‍යාචාරය කියන්නෙ මොකක්ද කියලත් එම පාපයෙන් බේරී කටයුතු කරන අයුරුත් යම් ලෙසකින් ඔබට පෙන්වල දුන්න. එනිසා ඒවායින් බේරී කටයුතු කරන එක ඔබලාගේ වැඩක්. අද වගකිවයුතු ගොඩක් තැන්වල පවා මේව ගැන කතා කරන්නෙ නෑ. සමහරු මේව කියන්න ලැජ්ජයි, බයයි. එසේ කතා නොකිරීමෙන් වන්නේ අප තව තවත් අඳුරට වැටීමත්, අප සමාජය පිරිහීමත්මය.
 ඉතින් කම්සැප විඳින එක පිහියෙන් කිරි කනව වගේ ප්‍රවේශමෙන් කවුරුත් කර ගන්න. කැපෙයි කියල බයේ කිරි නොකා ඉන්න ඕනිත් නෑ ඉතින්.. කෙසේ හෝ වේවා, වැරදි කාමමිත්‍යාචාරය කියන්නෙ මහත් දුක් විඳින්නට සිදුවන බලවත් පාප කර්මයක්. එයින් අසුර අපා ලෝකවල, ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝක වල උපදින්නට සිදුවනව. නැවත මිනිස් ලොව ඉපදුනත් ඔවුන්ට තම සතුරන් බොහෝ ඇති වෙනව. නොකැමති හා නොගැලපෙන ස්ත්‍රීන්, පුරුෂයන් විවාහයට ලැබෙනව. ස්ත්‍රීන් වෙලා, නපුංශකයින් වෙලා, පණ්ඩකයින් වෙලා උපදිනව. ඉටු කර ගත නොහකි අසීමිත කාමාශාවලින් පීඩා විඳින්නට සිදු වෙනව. ගිය ගිය තැන කාටත් එපා වෙනව, පිළිකුල් වෙනව. කාමයේ වරදවා හැසිරීමෙන් උපනුපන් ආත්ම වල මේ වගේ නොයෙකුත් බොහෝ දුක් කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනව. එනිසා තාවකාලික සැපයක් බලාගෙන දිගු කලක් දුක් නොවිඳින්නට කවුරුත් සිතා ගනිත්වා..
 කාට හරි ඕනිනම් වරෙදෙ නොබැඳී කම්සැප විඳින්නට, ඒකට ක්‍රම සහ විධි ගොඩාක්ම මා මෙහි පෙන්වා දී තියෙනව. තේරුනේ නැති නම් නැවතත් කියවලා බලන්න. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග.. ඔබට යහපතක්ම වේවා..

Comments

Popular posts from this blog

ස්වපීඩක ලිංගිකත්ව කාම රසාස්වාදය හා ෆෙම්ඩම් කියන්නේ මොකක්ද?

ලිංග, යෝනි වන්දනාව

කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන..