භාර්යාවන් සත් දෙනා ගැන දැන ගෙනම ඉන්න..


මේ ලෝකයේ කාන්තාවන් කරුණු අටකින් පිරිමින්ගේ ගේ සිත පැහැර ගන්නා බව බුදු දහමේ සඳහන් වෙනවා. ඒ කරුණු අට තමයි, 1. ඇයගේ රූපය, 2.ඇයගේ කතාව, 3.ඇයගේ හැඬුම, 4.ඇයගේ සිනහව, 5.ඇයගේ හඬ, 6.ඇයගේ ස්පර්ශය, 7.ඇයගේ ක්‍රියා කලාපයන්, 8.ඇයගේ සතුටු දීමනාවන් යනුවෙන් සඳහන් වෙන්නේ. මේ බාහිර ස්වරූපයන්ට අනුකූලව තමයි කෙනෙකුගේ සිතක් වෙනත් කෙනෙකූ වෙත ඇදිලා බැඳිලා යන්නේ.
 ඇත්තටම මේ දේවල් තුලින් කාන්තාවකට පුලුවන් පිරිමියෙක්ව කාමයෙන් බන්ධනය කර ගන්නට. කවුරුත් මේවට වශී වෙනවා. පිරිමියෙක් කාන්තාවකගේ සිත බැඳල තියා ගන්නෙත් මේ විදියටම තමයි. ඒ වගේම කාන්තාවක් විසින් තවත් කාන්තාවක් බන්ධනය කර ගන්නා අවශ්ථාත්, පිරිමියෙක් විසින් තවත් පිරිමියෙක්ව බන්ධනය කර ගන්නා අවශ්ථාත් සමාජයේ තියෙන්නට පුලුවන්.. (සම ලිංගිකත්වයන් ගොඩ නැගෙන්නෙත් එලෙසටයි.) කාම ලෝකයේ ස්වභාවය එයයි.

  බුද්ධ දර්ශනය තුලින් විග්‍රහ කරන භාර්යාවන් හතක් ගැන සත්ත භරියා සූත්‍රයෙහි කියවෙනවා. කව්ද ඒ?
1. වධකසම භරියා(වධක භරියා) – ස්වාමියාට වධකාරියක් ලෙස කටයුතු කරන බිරිඳ
2. චෝරසම භරියා(චෝර භරියා) – ස්වාමියාට සෙරක් ලෙස කටයුතු කරන බිරිඳ
3. සාමිසම භරියා (සාමි භරියා) – ස්වාමියාව පහත් කර කටයුතු කරන බිරිඳ  
4. මාතාසම භරියා(මාතෘ භරියා) – ස්වාමියාට මවක් ලෙස කටයුතු කරන බිරිඳ
5. භගිනීසම භරියා(භගිනි භරියා) – ස්වාමියාට සොහොයුරියක් ලෙස කටයුතු කරන බිරිඳ
6. සඛිසම භරියා (සඛි භරියා) – ස්වාමියාට යෙහෙළියක් ලෙස කටයුතු කරන බිරිඳ
7. දාසීසම භරියා (දාසි භරියා) – ස්වාමියාට දාසියක් ලෙස කටයුතු කරන බිරිඳ

 අදටත් මේ කියන භාර්යාවන් හත් දෙනා මේ සමාජය තුළ හැම තැනම සිටිනවා. මේ බිරින්දෑවරු ඒ ඒ අයට ලැබෙන්නේ පෙර සසර ණය ගනුදෙනුවල පියවීම් වලට අනුකුලවයි. කිසියම් විශ්ව න්‍යායීය හේතුඵල රටාවකට අනුවයි ඔවුනොවුන් හමු වන්නේ. ලෝකයේ ස්වභාවය එයයි.(මේ ගැන මා කලින් ලිපි වලදී කරුණු පෙන්වා දී තිබෙනවා. ඒවාත් බලන්න.)
 සමහර බිරින්දෑවරු ලැබෙන්නට පෙර කුසල් බලය වගේම සමහර බිරින්දෑවරු ලැබෙන්නට පෙර කළ අකුසල බලය හේතු වෙනවා කියා කීවත් වරදක් නෑ. කොහොම නමුත් මේ භාර්යාවන් වගේම මේ ආකාරයටම අනුව ස්වාමි පුරුෂයිනුත් සමාජයේ සිටින බවත්, ඔවුනොවුන්ගේ සසර ණය ගනුදෙනු පියවීම් වලට ගැලපෙන ආකාරයට අනුව ඒ ඒ අය මුණ ගැහෙන බවත් අප කවුරුත් තේරුම් ගත යුතුයි. ඒකට අනවශ්‍ය විදියට කවුරුවත් හැප්පිලා ගැටිල වැඩක් නම් නෑ. තමන් පෙර වපුරපු දේට අදාලව දැන් ඵලදාව ලැබෙනවා..

වධක භාර්යාව –
   ඇය නිතරම තම ස්වාමියා කෙරෙහි නපුරු සිතින් යුතුව වැඩ කරනවා. ස්වාමියාට උදවු කරන අදහසක් ලොකුවට ඇත්තේ නැහැ. නිතරම අයහපතක් කරන්න, වධ දෙන්න තමයි ඇගේ අදහස. තම සැමියාට වඩා වෙන මිනිසුන් හොඳයි කියා සිතමින් ඉන්නත් පුලුවන්. තමාගේ ස්වාමියා ඉක්මවා අන් අයත් එක්ක යනවා. ස්වාමියා හරිහම්බ කරනා සල්ලි වස්තුව ආදියත් නාස්ති කරමින් තම ස්වාමියා තලා පෙලා වාසය කරනවා. අන්න ඒ වාගේ බිරිඳකට තමයි කියන්නේ වධක භර්යාවක් කියලා.
 ස්වාමි පුරුෂයා කෙරෙහි දූෂිත වූ සිත් ඇතිව හිතානුකම්පාවක් නැතිව ඇය වෙනත් පුරුෂයන් කෙරෙහි ඇළුණු සිත් ඇතිව, ස්වාමියා ඉක්මවා කටයුතු කරන ස්වභාවයෙන් යුතුව, ස්වාමියාට නිතරම වධ හිංශා කරමින් හැසිරෙන කෙනෙක් තමයි මැය. වධක ස්වාමි වරුත් ඒසේම තමයි කියල වටහා ගන්න.
   කොහොම නමුත් කාමුකත්වයේදී මෙවන් භාර්‍යාවන්ට කැමති පිරිමිනුත් සමාජයේ සිටින බව අමතක කරන්න එපා. ඉතින් මෙවන් බිරිඳකට ස්වපීඩා කාමුකත්වයට ආශා ඇතිව, දාසයෙක් වහලෙක් ලෙසට කටයුතු කරන සැමියෙක් ලැබුනොත් නම් ප්‍රශ්නය ඉවරයි. ඒ වගේම ඔය 'ෆෙම්ඩම්, කුකල්ඩ්' කියන්නාවූ වගේ කාමුක ෆැන්ටසි වලට කැමති පිරිමි අයටත් මෙයාල ගොඩාක් හොඳ ගැලපීමක් වෙයි..

චෝරී භාර්යාව –
 චෝරී භාර්යාව තම ස්වාමියා හරිහම්බ කරනා ධනයට වංචා කරනවා. ඇයට කොතරම් වැර වීරීය යොදා ස්වාමියා සොයා දෙන ධනය කොතරම් ලැබුනත් මදි. තමන්ට සිතු පරිදි වියදම් කොට ස්වාමියා පෙළමින් අරපිරිමැස්මක් නොමැතිව සල්ලි නාස්ති කරමින් ජීවත් වෙනවා. ස්වාමිපුරුෂයා වෙළෙඳාමෙන්, රැකියාවෙන් කෘෂිකර්මාන්ත ආදී වූ කුමන ක්‍රමයකින් හෝ උපයන ධනයෙන් වස්තුවෙන් කොටසක් තමන් සතුකර ගැනීම සඳහා ඇය නිතරම උත්සාහ කරනවා. සැමියාගේ සල්ලි ටික චාටුවෙන්, කපටි කමින් අරගන්න එයාල දක්ෂයි. තවත් ලෙසකින් කිව්වොත් ඔවුන් හෙමින් මිනිහගෙ දත ගලවනවා. ඔය ස්පා වගේ තැන් වලදීත් එවන් චෝරී පෙම්වතියන් කොතෙකුත් හමු වෙන්නට පුලුවන්..
 සමාජයේ චෝර සැමියාගේ පැටිකිරියත් මෙලෙසින්ම වන බවත් තේරුම් ගන්න. කොහොම වුනත් මෙවන් බිරිඳලාටත් කැමති අය සමාජයේ ඉන්නට පුලුවන්. තමන් වෙහෙසිලා හම්බ කරපු දේවල් කාන්තාවන්ට කැමැත්තෙන් දෙන, වියදම් කරන පිරිමි මේ සමාජයේ කොතෙකුත් ඉන්නවා.(ඔය 'මනි ස්ලේව්' වලට කැමති අයත් මෙයාලට ගැලපෙනවා.) සසර ණය ගනුදෙනු වල හැටි ඔහොම තමයි ඉතින්..

 සාමි භාර්යාව –
    ඊලඟ බිරිඳ තමයි සාමි භාර්යාව. ඇය ගේදොර වැඩ කටයුතු ගැන වැඩිය සොයා බලන්නේ නැහැ. එක එක්කෙනා ලවා වැඩ කරවා ගනිමින් විවේකයෙන් කාලය ගත කරන්න කැමතියි. මෙයාල හැම විටම ආර්යාවක් වගේ එහෙමත් නැත්නම් මැඩම් කෙනෙක් වගේ ඉන්න තමයි බලන්නේ. නපුරු සිතින් සැරෙන් ඉන්නවා. ස්වාමියාට නපුරු වචනවලිනුත් බැන වදිනවා. කරන කිසිම දෙයක් ගැන හොඳක් දකින්නේ නැහැ. ස්වාමියා හරිහම්බ කරනා සියලු දේ පාලනය කරන්නේ මේ ආර්යා හෙවත් සාමි භාර්යාවයි.
  ඇත්තටම නපුරු වචන කියමින් පිරිස පාලනය කරන, වැඩක් පළක් නොකරන, කම්මැළි, ටිකක් වැඩියෙන් අනුභව කරන, නිතර කෝප වන සුළු, කෲර ගති ඇති, රවුද්‍ර වචන කියන, උත්සාහවත් ස්වාමියාගේ ඒ උත්සාහයන් යටපත්කරන ගති ඇති, නිතරම ස්වාමියා වහලෙක් මෙන් තියා ගන්නට කැමති මේ භාර්යාව ස්වාමි භාර්යාවයි. ස්වාමි පිරිමිනුත් ඔහොමම තමයි ඉතින්..
  කොහොම වුනත් කාමුකත්වයේදී මෙවන් බිරිඳෑවරුන්ට කැමති පිරිමිනුත් මේ සමාජයේ කොතෙකුත් ඉන්නවා. ඉතින් මෙවන් බිරිඳකට ස්වපීඩා කාමුකත්වයට ආශා කරමින් දාසයෙක් වහලෙක් ලෙසට කටයුතු කරන්නට කැමති, වන්දණීයත්වයෙන් කටයුතු කරන්නට කැමති සැමියෙක් ලැබුනොත් නම් වැඩේ හරි. ඒ වගේම ඔය ෆෙම්ඩම්, වර්ෂිප් කියන වගේ කාමුක ෆැන්ටසි වලට කැමති පිරිමි අයටත් මෙයාල ගොඩාක් හොඳ ගැලපීමක් වෙයි..
 ඉතින් කොහොමද මේ වගේ භාර්‍යාවන් කෙනෙකුට නරක් වුනත් තවත් කෙනෙකුට නරකයි කියල කියන්නේ..? සසරේ හැටි තමා..

මාතෘ භාර්යාව –
  ඇය තම ස්වාමියාට අම්මා කෙනක් ලෙසින් ආදරය සෙනෙහස දක්වනවා. ඇය නිතරම හිතානූකම්පාවෙන් යුතුව තම ස්වාමියාට හා තම දරුවන්ට ආදරය දක්වමින් ජීවත් වෙනවා. ගේ දොර වැඩ කටයුතු සොයා බලමින් අම්මා කෙනෙක් වාගේ තම ස්වාමියා ගැන සොයා බලනවා. යම් භාර්යාවක් සෑම කල්හි ස්වාමියාට හිතානුකම්පා ඇති, පුත්‍රයා රක්නා මව මෙන් ස්වාමියා රකීද, එමෙන්ම ස්වාමියා විසින් රැස් කරන ලද ධනය රකීද, ඇය මවක් බඳු භාර්යාවයි. මීටම සමාන අදහස්ස් ඇතිව සිටින පිරිමි අයද සිටිනු ඇත.

භගිනි භාර්යාව –
   ඊළඟ බිරිඳ භගිනි භාර්යාවයි. සහෝදරිය වගේ භාර්යාව. ස්වාමියාට කීකරුයි. වැඩිමහල් සහෝදරයෙක්ට තම නැඟණිය ගෞරව කරන්නේ කෙසේද එසේම තම ස්වාමියාට සළකනවා. හිතුවකාරකම් නොකර හරීම ලැජ්ජාශීලීව තමන්ගේ ස්වාමියා ඉස්සරා හැසිරෙනවා. ස්වාමියාට හොඳින් ඇහුම්කම් දෙනවා.  මෙසේ සහෝදරිය වගේ සිටන භාර්යාව භගිනි භාර්යාවයි.

සකී භාර්යාව -
සකී භාර්යාව යාලුවෙක්ට වගේ තම ස්වාමියාට සලකනවා. පවුලට හරිම හිතවත්. හරිම පති භක්තියෙන් යුක්තයි. යම් ස්ත්‍රියක් තම ස්වාමියා දැක බොහෝ කලකින් ආ යහළුවෙකු සේ සතුටු වන්නීද, කුල සම්පන්න වූ, ශීලයෙන් යුක්තවූයේ ද ස්වාමියා දෙවියෙකු මෙන් සිතා කටයුතු කරන්නේ ද මෙබඳු භාර්යාවක්  ඇය තම ස්වාමියාට යහළුවෙකු මෙන් සලකන භාර්යාවකි.

දාසී භාර්යාව –
  ඊළඟ බිරිඳ දාසී භාර්යාවයි. කොයිතරම් වද දුන්නත් දඬුමුගුරු අරගෙන පීඩා කළත් හිතේ තම ස්වාමියා කෙරෙහි තරහක් ඇති වෙන්නේ නැහැ. ස්වාමියා කොතරම් වද හිංසා කලත් කෝප නැති සිතින් ඒවා ඉවසනවා. කිසි වෛරී සිතක් ඇති කර ගන්නේ නැහැ. ස්වාමියාට ඇහුම්කම් දෙනවා. කෝප නොගන්නා, තමන්ගේ දිවි නැති කරන බව ස්වාමියා පැවසුවත් තරහ නොගෙන ක්‍රෝධ නොකරන, වෛර නොකරන, ස්වාමියාගේ වරද ඉවසා සිටින බිරිඳක් නම් ඇය තම ස්වාමි පුරුෂයාට දාසියක මෙන් සලකන භාර්යාවකි.
  මීටම සමාන අදහස්ස් ඇතිව සිටින පිරිමි අයද සමාජයේ සිටිනු ඇති බව හොඳින් වටහා ගන්න. කොහොම වුනත් මෙවන් බිරිඳකට නම් ඔය ස්වපීඩා කාමුකත්වයට ආශා කරමින් දාසයෙක් වහලෙක් ලෙසට කටයුතු කරන්නට කැමති, වන්දණීයත්වයෙන් කටයුතු කරන්නට කැමති සැමියෙක් ලැබුනොත් නම් වැඩේ ටිකක් අවුල්. ලිංගිකත්වයේදී පවා ගැටලු ඇති වෙන්නට පුලුවන්. ඔය ෆෙම්ඩම්, වර්ෂිප් වගේ කාමුක ලිංගිකත්ව ෆැන්ටසි වලට කැමති පිරිමි අයට නම් මෙයාල හොඳ ගැලපීමක් වෙනකක් නෑ..

 ඉතින් ඔන්න ඔහොමයි මේ සමාජයේ සැමියන්ගේ හා භාර්‍යාවන්ගේ තත්වය කියන්නේ. එක එක විදියේ අදහස් තියෙන අය ලෝකයේ හැම තැනකම ඉන්නවා. සමහර වෙලාවට අරය හොඳයි, මෙයා හොඳයි කියල කියන්නත් අමාරුයි. කෙනෙක් හොඳ හෝ නරක වන්නේ ඒ ඒ කෙනාගේ අදහස්වලට සාපේෂවයි කියල අපි වටහා ගන්නටත් ඕනි. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නට නම් තමන්ට ගැලපෙන කෙනාව හමු වෙන්නට ඕනි වෙනවා. නැත්නම් දෙදෙනා විසින් කතා බහ කොට හෝ යම් යම් විදියකට ඒ ඒ අවස්ථා වලදී හැඩ ගැහෙන්නට වෙනවා.. සාර්ථක විවාහයකට ලිංගිකත්වයත් අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මේවා දෙපාර්ශවයම හොඳින් තේරුම් ගත යුතුයි. නැත්නම් පවුල් අවුල් වෙන්නත් පුලුවන්..
 එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.. ජය වේවා..

Comments

Popular posts from this blog

ස්වපීඩක ලිංගිකත්ව කාම රසාස්වාදය හා ෆෙම්ඩම් කියන්නේ මොකක්ද?

ලිංග, යෝනි වන්දනාව

කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන..