Posts

Showing posts from August, 2022

පවුල් ජීවිතය අවුල් කරන 'ඔතෙලෝ' මානසික රෝගය

Image
  කුමන ආකාරයක හෝ ආදරය කරන දෙදෙනෙක් අතර යම් හෝ ලිංගිකවූ ඉරිසියාවක් තියෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ආදරයේ දී බොහෝ අය පරාර්ථකාමී වෙන්නේ නෑ. ඒක සාමාන්‍ය ලෝක ස්වභාවයක්. ඒත් මේ සාමාන්‍ය තත්වයෙන් ඔබ්බට ගිහින් යමෙක් තුල දැඩිව ඊර්ෂ්‍යාවක් පවතිනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. විශේෂයෙන් දෛනික ජීවිතයට හා පවුල් ජීවිතයට බාධාවක් වෙන ආකාරයට, අනෙකා නිර්දෝෂීව සිටිය දී පවා පදනම් විරහිත සැකයක් පවතිනවා නම් එය 'ඔතෙලෝ' කියන මානසික රෝගයේ ලක්ෂණයක් කියලා හදුන්වන්න පුලුවන්. 'ව්‍යාධි ඊර්ෂ්‍යාව' යනුවෙන් හඳුන්වන්නෙත් මෙයම තමයි. ඔතෙලෝ සින්ඩ්‍රෝමය යනු මානසික ආබාධයක් වන අතර එය රසායනික ව්‍යාකූල ආබාධවලින් එකකි. එය කිසිදු සැබෑ සාක්ෂියක් නොමැතිව සැක කිරීමේ මායාවකින් සංලක්ෂිත වන අතර භින්නෝන්මාදය සමඟද සම්බන්ධ වේ. මෙම රෝගී තත්ත්වය නම් කර ඇත්තේ ෂේක්ස්පියර්ගේ නාට්‍යයේ එන ඔතෙලෝ චරිතයට අනුව මෙම රෝගී තත්වයෙන් පෙළෙන නමකි. එය රෝගාතුර ඊර්ෂ්‍යාව, සංජානනීය ව්‍යාකූලත්වය සහ ව්‍යාධි ඊර්ෂ්‍යාව ලෙසද හැඳින්වේ. මෙම මිත්‍යාශීලී ඊර්ෂ්‍යාව සහකරු හෝ සහකාරිය වෙත මෙන්ම මිතුරන්, පවුලේ සාමාජිකයන්, සම සේවකයින් සහ ව...

ලිංග, යෝනි වන්දනාව

Image
 මානව සමාජයේ මුල් කාලීන යුගයන්හිදී ස්ත්‍රී වන්දනාව දේවත්වයෙන් සැලකෙනු ලැබුවා. ජගන්මාතා, දියානා. දුර්ගා කාලි වැනි බොහෝ වන්ඳනා ගැන ඔබ දන්නවා.. වෛදික යුගයේදී පුරුෂ ලිංග වන්දනාව මෙන්ම යෝනි වන්දනාවත් පැවතියා.. මුල් කාලීන ජනයා සමාජයේ ජීව සම්භවයට මූලික වන්නේ වන්නේ යෝනිය බව සිතා ඊට බෙහෙවින් වන්ඳනාමාන කලා. පුරුෂාධිපත්‍ය මුල් කරගත් බමුණු දහමේ නැගීමත් සමගම ස්ත්‍රී වන්දනාව පහලට ගියා.. සියල්ල ආවේ බටහිරින් යැයි අද සිතන බොහෝ අයට නම් මේ බොහෝ දේ අමතකවී ඇති සේය..   ලිංග හා යෝනි වන්දනාව යනු පුරාණ සමාජ සංස්කෘතීන් දක්වා දිවෙන දිගු ඉතිහාසයක් ඇති එකක්. මුල් කාලීන යෝනි වන්දනාවේදී යෝනි බැලීම, පූජා පිරිනැමීම, භාවනා කිරීම සහ සජ්ඣායනා කිරීම ඇතුළත් පුරාණ තාන්ත්‍රික චාරිත්‍රයන් පැවතියා. ඇතැම් යෝනි පූජාවන්හිදී මේ බැතිමතා ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් කටයුතු සිදු කරන අතර, යමෙකුට යෝනියට හෝ පුරුෂ ලිංගයට වැඳීම සඳහා පූජාවක් ලෙසින් ද කළ හැකිය.  සමහර පුරාණ සංස්කෘතීන්වල යෝනිය සියලු ජීවීන් සාදන තොටිල්ල සහිත පෝෂණ දෙවියෙකු ලෙස සලකා පිළිම පවා නිර්මාණය කර ඇත.  කාන්තාව විශ්වයේ නිර්මාතෘ වරයා බවත්, විශ්වය ඇග...

ප්‍රේමය, ලිංගිකත්වය හා දික්කසාද

Image
 ප්‍රේමය හා ලිංගිකත්වය කියන්නේ දෙකක්.. මේ දෙක එකට වෙලී බැඳී පවතින්නට පුලුවන් වුවත්, වෙන් වෙන්වත් පවතින්නට පුලුවන්.. ප්‍රේමය නැත්නම් ආදරය යනු මානසික අවශ්‍යතාවයක්.. ලිංගිකත්වය නැත්නම් කාමුකත්වය යනු කායික අවශ්‍යතාවයක්.. පුද්ගලානුරුපව සමහරෙකුට මේ දෙකම හෝ ඉන් එකක් පමණක් අවශ්‍ය වෙන්නට පුලුවන්.. ලිංගිකත්වයෙන් තොර ප්‍රේමය වනාහී පිවිතුරු මලක් බඳු එකක් වියහැකි අතර, ප්‍රේමයෙන් ආදරයෙන් තොර වූ ලිංගිකත්වය වනාහී හුදු කායික අවශ්‍යතාවය සපුරා ගැනීමක් විය හැකිය. මේ දෙකේ සංමිශ්‍රණයක් විවාහයකින් කවුරුත් මෙන් බලාපොරොත්තු වෙනවා. මේවා මානව සමාජයේ අවශ්‍යතාවයන්ම පමණක් වන අතර එකකටවත් ගැරහිය යුතු ද නොවේ. කොහොම වුනත් මේ දෙකේ අසමබරතාවයන් නිසා සමාජයේ අනියම් ප්‍රේම සම්බන්ධතාවන් මෙන්ම අනියම් ලිංගික සම්බන්ධතාවයන් ද නිර්මාණය වෙන්නට පුලුවන්.  ආත්මාර්ථකාමීත්වයෙන් හා කුහකත්වයෙන් තොර ප්‍රේමය සැබවින්ම පිවිතුරු එකකි. එය කොන්දේසි විරහිත නිදහස් මෙන්ම අහිංසක ආදරයක් වේ. එය කාටත් කවුරුන් වෙතත් පුද කල හැක්කේ එහි ලිංගිකත්වය කෙරෙහි අපේක්ෂා නොමැති බැවිනි. ආත්මාර්ථකාමී ප්‍රේමයට ආත්මාර්ථකාමී ලිංගිකත්වය මිශ්‍රවු කල අනෙ...

ලිංගික ඊර්ෂ්‍යාව හා ලිංගික මාත්සර්ය

Image
 අනෙක් කෙනෙකුගේ සැප සතුට දියුණුව කෙරෙහි තමන්ට බලන් ඉන්නට බැරි කමට සාමාන්‍ය ලෙසින් ඊර්ෂ්‍යාව කියල කියනවා. තවත් කෙනෙකුගේ සැපයක් දියුණුවක් ඔවුන්ට රූස්සන්නෙ නෑ. එවන් අය ලිංගිකත්වයේදී අනෙකා හෝ අනෙක් අයගේ එක්වීම් හා ඔවුනොවුන් සතුටින් ඉන්නවා දකින්නට කොහෙත්ම කැමති නෑ. ඒවාට තම සිතින් ද්වේශ කරනවාක් මෙන්ම ඔවුන්ගේ විනාශයත් පතනවා.   ලිංගික ඊර්ෂ්‍යාව කියල කියන්නෙත් මේ ඊර්ෂ්‍යාවේම එක් ප්‍රභේදයක් තමයි. මෙහිදී තමන් සිතින් ආශා කරන ලිංගික සහකරු හෝ සහකාරිය වෙනත් අයකු සමග ලිංගික සබධතා පැවැත්වීම කෙරේ දැඩි ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා. ඇතැම් විට ඔවුන්ට තම සැමියා/බිරිද හෝ තම පෙම්වතා/පෙම්වතිය කෙරේ ද මෙම ලිංගික ඊර්ෂාව ඇතිවෙන්න පුලුවන්.    මාත්සර්ය කියල කියන්නෙ මසුරුකමටයි. ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, කෑම බීම, අඹු දරුවන්, යස ඉසුරු ආදී බොහෝ දේවලට මසුරු කමක්, නැත්නම් දැඩි ලෝබ කමක් සමහරක් අයට ඇති වෙන්න පුලුවන්. ලිංගිකත්වයේදී ඇතිවෙන මෙම මසුරු කමට ලිංගික මාත්සර්ය කියල කියනව. මෙවන් අය හිතන්නේ තමන්ට හිතවත් කෙනා තමන්ටම පමණක් ආදරය කල යුතුයි, තමන් එක්කම පමණක් එක්විය යුතුයි කියලයි.   ...