ප්‍රේමය, ලිංගිකත්වය හා දික්කසාද


 ප්‍රේමය හා ලිංගිකත්වය කියන්නේ දෙකක්..
මේ දෙක එකට වෙලී බැඳී පවතින්නට පුලුවන් වුවත්, වෙන් වෙන්වත් පවතින්නට පුලුවන්..
ප්‍රේමය නැත්නම් ආදරය යනු මානසික අවශ්‍යතාවයක්..
ලිංගිකත්වය නැත්නම් කාමුකත්වය යනු කායික අවශ්‍යතාවයක්..
පුද්ගලානුරුපව සමහරෙකුට මේ දෙකම හෝ ඉන් එකක් පමණක් අවශ්‍ය වෙන්නට පුලුවන්..
ලිංගිකත්වයෙන් තොර ප්‍රේමය වනාහී පිවිතුරු මලක් බඳු එකක් වියහැකි අතර, ප්‍රේමයෙන් ආදරයෙන් තොර වූ ලිංගිකත්වය වනාහී හුදු කායික අවශ්‍යතාවය සපුරා ගැනීමක් විය හැකිය.
මේ දෙකේ සංමිශ්‍රණයක් විවාහයකින් කවුරුත් මෙන් බලාපොරොත්තු වෙනවා. මේවා මානව සමාජයේ අවශ්‍යතාවයන්ම පමණක් වන අතර එකකටවත් ගැරහිය යුතු ද නොවේ.
කොහොම වුනත් මේ දෙකේ අසමබරතාවයන් නිසා සමාජයේ අනියම් ප්‍රේම සම්බන්ධතාවන් මෙන්ම අනියම් ලිංගික සම්බන්ධතාවයන් ද නිර්මාණය වෙන්නට පුලුවන්.

 ආත්මාර්ථකාමීත්වයෙන් හා කුහකත්වයෙන් තොර ප්‍රේමය සැබවින්ම පිවිතුරු එකකි. එය කොන්දේසි විරහිත නිදහස් මෙන්ම අහිංසක ආදරයක් වේ. එය කාටත් කවුරුන් වෙතත් පුද කල හැක්කේ එහි ලිංගිකත්වය කෙරෙහි අපේක්ෂා නොමැති බැවිනි.
ආත්මාර්ථකාමී ප්‍රේමයට ආත්මාර්ථකාමී ලිංගිකත්වය මිශ්‍රවු කල අනෙකාගේ පුද්ගලිකත්වයට සීමා තහංචි පැනවේ.
අන්සතු ගසක ඇති මලකට වුව සිතින් ප්‍රේම කරමින් ඉන් මානසික සුවයක් විඳීම කාටත් කළහැකි දෙයක් වුවත්, එම මල කඩා ගැනීමට හෝ සිඹීමට යමෙකුට සිතේ නම් එතන පිවිතුරු බවක් නොමැති වරදකි.
ලිංගිකත්වය පිණිස ඉවහල් නොවන පූජනීය ප්‍රේමයක් කා වෙතත් පිරිසිදු සිතින් පුද කල හැකිය.
එමෙන්ම කායික ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ඊට ගැලපෙන සුදුසුකම්ලාභී (කාම මිත්‍යාචාර පාප ගනයට නොවැටෙන) කෙනෙකු හා සම්බන්ධවී තම අවශ්‍යතාවන් සපුරාගැනීමේ වරදක් ද නැත.


   ප්‍රේමය හා ලිංගිකත්වය යන දෙකම නැති නොගැලපෙන විවාහයන් තුල ඇතමුන් අකැමැත්තෙන් වුව රැඳී සිටී.
ඒ 'දික්කසාද ලැජ්ජාව' කියන මෙරට ඇති සමාජ අවමාන බියෙන් බේරීමටය.
එනමුත් එවන් සමහරුන් නුසුදුසු අනියම් සබඳතාවයන් ද හොරෙන් පවත්වාගෙන යයි.
එතුලින් අනෙකාට විය හැකි අවමාන, පීඩා, අසාධාරණකම් ආදිය ගැනවත් සිතීමක් ආත්මාර්ථකාමී ඔවුන්ට අදාල නැත.
දෙදෙනෙක් අතර බැඳීමකට මෙන්ම අචාරශීලීව වෙන් වීමටත් සමාජයීය අයිතියක් ලොව කාටත් ඇත.
එහෙයින්,
  නොගැලපෙනම දෙදෙනෙක් පවුල් කනවා කියා ලෝකෙට පේන්නට බොරුවට රඟනවාට වඩා, දික්කසාදය ලැබීම බෙහෙවින්ම අගනේය.
 එවිට ඔහුට හෝ ඇයට වෙනත් සුදුසු කෙනෙක් හා සම්බන්ධ වීමට සමාජ නීතියට අනුකූලවත්, විශ්ව ධර්මතා නීතියට අනුකූලවත් අයිතියක් ඇත.. එය සැබවින්ම සදාචාරාත්මකයි.. 

     ඔයා විවාහ වෙන්නට ටික දිනකට කලින් හිටි ඒ ලස්සන පෙම්වතියට ඔයා කොච්චර ආදරේද? එයාගෙන් තොර ලෝකයක් ඔයාට තිබුනෙම නෑ නේද?
කොහොමහරි ඔයා එයාව විවාහ කර ගත්තා..
කාලයක් ගත වුනා..
දැන් ඒ වයිෆ් ටිකක් වයසට ගිහින් වගේ.. ඇයගේ එච්චර ලස්සනකුත් දැන් ඔයාට පේන්නෙ නෑ.. එයාගෙ පැත්තට හිත ඇදිල යනවත් ටිකක් අඩුයි..
අද ඔයා ලස්සන කෙල්ලෙක්ව දකිනවා.. ඔබ ඒ පැත්තට හැරිල බලනව.. එයත් එක්ක නිදියන්න තිබුනනම් හොඳයි කියලත් හිතනවා..
එදා ඔබ බඳින කොට හිටියෙත් එහෙම හිත ගත් කෙල්ලෙක්ම නෙමේද?
දැන් ලස්සන අඩුවෙලා තියෙන්නේ හා වයසට ගිහින් තියෙන්නේ ඔබේ බිරිඳ විතරද මිත්‍රයා?
 ඔබ තවම තරුණද? එදා මෙන් ඔබ තවමත් ලස්සනද?
ඇත්තටම දෙන්නම එකම තැන නේද අද ඉන්නේ?
ඒක එහෙමනම් ඔබ අද සුන්දර ලඳක් හොයනවනම්, තම බිරිඳටත් කැමති කොල්ලෙක් හොයා ගන්න දුන්නම මොකද වෙන්නේ?
එහෙම කියනකොටත් ඔබට අවුල් වගේ දැනෙනවනම්, කොතන හරි වරදක් වෙලා තියෙනවා මිත්‍රයා..
සාධාරණව හිතන්න පුරුදු වෙමු..

Comments

Popular posts from this blog

ස්වපීඩක ලිංගිකත්ව කාම රසාස්වාදය හා ෆෙම්ඩම් කියන්නේ මොකක්ද?

ලිංග, යෝනි වන්දනාව

කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන..