ලිංගික ඊර්ෂ්‍යාව හා ලිංගික මාත්සර්ය
අනෙක් කෙනෙකුගේ සැප සතුට දියුණුව කෙරෙහි තමන්ට බලන් ඉන්නට බැරි කමට සාමාන්‍ය ලෙසින් ඊර්ෂ්‍යාව කියල කියනවා. තවත් කෙනෙකුගේ සැපයක් දියුණුවක් ඔවුන්ට රූස්සන්නෙ නෑ. එවන් අය ලිංගිකත්වයේදී අනෙකා හෝ අනෙක් අයගේ එක්වීම් හා ඔවුනොවුන් සතුටින් ඉන්නවා දකින්නට කොහෙත්ම කැමති නෑ. ඒවාට තම සිතින් ද්වේශ කරනවාක් මෙන්ම ඔවුන්ගේ විනාශයත් පතනවා.
ලිංගික ඊර්ෂ්‍යාව කියල කියන්නෙත් මේ ඊර්ෂ්යාවේම එක් ප්‍රභේදයක් තමයි. මෙහිදී තමන් සිතින් ආශා කරන ලිංගික සහකරු හෝ සහකාරිය වෙනත් අයකු සමග ලිංගික සබධතා පැවැත්වීම කෙරේ දැඩි ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා. ඇතැම් විට ඔවුන්ට තම සැමියා/බිරිද හෝ තම පෙම්වතා/පෙම්වතිය කෙරේ ද මෙම ලිංගික ඊර්ෂාව ඇතිවෙන්න පුලුවන්.
මාත්සර්ය කියල කියන්නෙ මසුරුකමටයි. ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, කෑම බීම, අඹු දරුවන්, යස ඉසුරු ආදී බොහෝ දේවලට මසුරු කමක්, නැත්නම් දැඩි ලෝබ කමක් සමහරක් අයට ඇති වෙන්න පුලුවන්. ලිංගිකත්වයේදී ඇතිවෙන මෙම මසුරු කමට ලිංගික මාත්සර්ය කියල කියනව. මෙවන් අය හිතන්නේ තමන්ට හිතවත් කෙනා තමන්ටම පමණක් ආදරය කල යුතුයි, තමන් එක්කම පමණක් එක්විය යුතුයි කියලයි.
ලිංගිකත්වයේදී දැඩි ආත්මාර්ථ කාමී වූවෙකු වන විට ඔහු හෝ ඇය තුල කුහකත්වයක් නිබඳවම ගොඩ නැගෙනවා. යමෙක් තුළ ලිංගිකත්වය පදනම් කර ගෙන මතුවන සැකය නිසාත් මෙම තත්වය ඇති වෙනවා. මෙම තත්වය යමෙකු තුල දැඩිව පැවතීමෙන් මානසික රෝගයක ලක්ෂණයක් ලෙසත් මතුවන අවස්ථා තිබෙනවා.
ලිංගික ඊර්ෂ්‍යාව, ලිංගික මාත්සර්ය, ලිංගික කුහකත්වය ලෙස හැඳින්වෙන මේ තත්ත්වයන් වර්තමාන බොහෝ අඹු සැමියන් අතරත්, පෙම්වතුන් පෙම්වතියන් අතරත් බහුලව දක්නට ලැබෙනවා. කිසිදු හේතුවක් නැතිවත් තම බිරිඳ හෝ ස්වාමිපුරුෂයා වෙනත් පුරුෂයකු හෝ ස්ත්‍රියක සමග අනියම් සබඳතාවක් ගොඩ නගාගෙන ඇතැයි මෙවන් කෙනෙක් තුළ සැකයක් ඇතිවෙනවා. මෙය මූලිකව ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කොට ඇතිවන තත්වයක්.
මෙවන් තත්වයන් දැඩිව පැවතීම නිසා හටගන්නා වූ මානසික රෝගී තත්වයන් වැළඳුණු පුද්ගලයින් කිසිදු සාධාරණ හේතුවක් නැතිව තම බිරිඳට පෙම්වතියට හෝ ස්වාමිපුරුෂයාට පෙම්වතාට විවිධ තහංචි පනවන්නට පෙළඹෙනවා. තනිව ගමන් බිමන් යෑමට, හුදකලාව සිටීමට තම බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට ඉඩ නොදෙන එබඳු අය පසු කාලයේ එයටත් වඩා දැඩි තහංචි පනවන්නට පවා පෙළඹෙනවා.
ලිංගික ප්‍රජනනය මගින් වර්ගයා බෝකරන සෑම ජීවියෙකු තුලම ස්ත්‍රී හා පුරුෂ වශයෙන් බෙදීමක් දක්නට ලැබෙනවා. බොහෝ සතුන් තමාට ලිංගික ප්‍රේරණයන් ඇතිවූ විට තමා අයත් වර්ගයේ ඔනෑම පරිණත විරුද්ධ ලිංගිකයෙකු සමග ලිංගිකව හැසිරෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එහෙත් මිනිසා තමාටම වෙන්වූ එක් සහකරුවකු/සහකාරියක සමග පමණක් හැසිරීමට ඔහු විසින් නිපදවාගත් ඒ ඒ සංස්කෘතීන් මගින් බලපෑම් කරනු ලබනවා. මෙහිදී තමාට අයත් සහකරු/සහකාරිය වෙනත් අයකු හා ලිංගික හැසිරීම ඔවුන් ප්‍රතික්ෂේප කරන අතර ඒ හා බැදුනු ඊර්ෂාවක් එහිදී දක්නට ලැබෙනව.
සත්ව විද්‍යාඥයන් සොයාගෙන ඇති ආකාරයට මිනිසා පමණක් නොව මිනිසා අයත් ප්රිමාටා ගෝත්‍රයට අයත් අනෙකුක් සතුන් අතරද මෙම ලිංගික ඊර්ෂ්‍යාව දක්නට ලැබෙනවා. ඇතැම් ජන ප්‍රවාද හා සහිත්‍ය ග්‍රන්ත වලද සතුන් තුල පවතින ලිංගික ඊර්ෂ්‍යාව ගැන විස්තර කෙරෙනවා. පිරිමි වදුරන් තම රැලට පිරිමි පැටවකු බිහිවුවහොත් එම පිරිමි පැටවාගේ ශිෂ්නය හපා චේදනයකර මරා දමනබව ජනප්‍රවාදවල හා සාහිත්‍යයෙ දැක්වෙනවා. සතුන් අතර පවතින මෙම ලිංගික ඊර්ෂාව වඩාත් යහපත් ඉදිරි පරපුරක් නිර්මානය කිරීමට හේතුවන බව එම සත්ව විද්‍යාඥයන් පවසනවා. පිරිමි සතුන් අතර ලිංගික සහකාරිය ලබා ගැනීමට දක්වන ගැටුමේදී දුර්වලයා පරාජයවී ප්‍රබලයා ජයග්‍රහණය කරනවා. එමගින් ශක්තිමත් බලවත් ජාන හිමි සත්වයාට දාව ඉදිරි පරපුර බිහිවනවා. එමගින් වඩා ශක්තිමත් ජාන ඉදිරියට ගෙනයාමක් මෙහිදී සිදුවේ.
කෙසේ වෙතත් ලිංගික ඊර්ෂ්‍යාව ඇතිවීම කෙරේ ජීව විද්‍යාත්මක ලිංගික වෙනස්කම් බොහෝ දුරට බලපාන්නට පුලුවන්. මෙම ලිංගික ඊර්ෂ්‍යාව අධිකවූ බොහෝ පුරුෂයන් තම සහකාරියගේ දරුවන් තමාගේ නොවන බව පවසා සහකාරියට බැන වැදීම හෝ කායික හිංසන වලට ලක්කිරීම් පවා සිදුකරන්නට පෙළඹෙ. කාන්තාවන් මෙසේ ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන විට තම සහකරු කෙරේ දක්වන ආදරය වැනි චිත්තවේගී සම්බන්ධතා අවම කරගනී. මෙලෙස ලිංගික ඊර්ෂ්‍යාව ඇතිවීම නිසා පුරුෂයන් ලිංගික මිත්‍යාචාරයන් කෙරෙහි ද ස්ත්‍රීන් චිත්තවේදී සබදතා අඩුවීම කෙරෙහිද බලපෑම් ඇතිකරනු ලබනවා.
පර්යේෂණ වලට අනුව පුරුෂයින් තම සහකාරියගේ ලිංගික ආධිපත්‍ය තමා කෙරේ පමණක් තබාගැනීමට යොමුවන අතර ස්ත්රීන්ට තම සහකරුගේ ආදර විත්තවේගී සබදතා තමා වෙතම පමණක් යොමුවීම වැදගත්ලෙස සළකනු ලබනවා. බොහෝ පුරුෂයන් තම සහකාරිය වෙනත් පුරුෂයෙකු සමග ලිංගිකව හැසිරීම ඉවසන්නේ නෑ. එහෙත් ස්ත්රීන්ට වඩාත් වැදගත් වනුයේ ලිංගික ආස්වාදයට වඩා චිත්තවේගී බැඳීම්ය..
ඇතැම් පර්යේෂකයන් සදහන් කරන්නේ ලිංගික ඊර්ෂ්‍යාව කෙරේ ලිංගි භේදය බලනොපාන බවත් ඒ සදහා මූලික සාධකය වනුයේ සංස්කෘතිය බවත්ය. විවිධ සංස්කෘතීන් තුලින් ඉගැන්වෙන ආචාර සිරිත් විරිත් මගින් ලිංගික ඊර්ෂියාවේ ස්වභාවය වෙනස්වන්නට පුලුවන්.
බොහෝ පුරුෂයන් තම සහකාරියගේ කාම මිත්යාචාරයන්හිදී දරුණු ප්‍රතිචාර දැක්වුවද ඇතැම් ස්ත්‍රීන් එවන් වැරදි වලදී සමාව දීමට පෙළබෙන අවස්තා බොහෝයි. එයට හේතුව නම් ස්ත්රින් තම සහකරු වෙනත් පුරුෂයෙකු වෙත කෙලෙසකවත් යාම නොඉවසන බැවින්ය.
බොහෝ අධ්‍යනයන්ට අනුව ස්ත්‍රීන් ලිංගික ඊර්ෂාවේ දී චිත්තවේගී භාවාත්මක හැසිරීම් දක්වනවා. පුරුෂයා විසින් තමාට වංචාවක් සිදු කළබව දැනගත්විට හැඩීම දුක්වීම ආදී භාවාත්මක ප්‍රතිචාර විනා පුරුෂයාට දඩුවම් කිරීමට බොහෝ දුරට නොයයි. ඇතැම් විට සමාව දීමටද ඔවුන් පසුබට වෙන්නේ නෑ.
බොහෝ විට පිරිමින් තම ලිංගික ඊර්ෂ්‍යාව පීතෘත්වයේ විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කරයි. ලිංගික අනන්‍යතාවය සහතික කිරීම සඳහා ප්රචණ්ඩත්වය භාවිතා කිරීම හෝ තර්ජනය කිරීම සහ කාන්තාවන් පාලනය කිරීම වැනි දේට නැඹුරු වෙයි. පිරිමින්ගෙ ලිංගික සුවිශේෂත්වය සහතික කිරීම පිළිබඳ පවතින මෙම අදහස අනාචාරය පිළිබඳ සමාජ නීතිවලට ද හේතු වී ඇත.
පරිණාමීය දෘෂ්ටිකෝණයකින් බලනකල ඊර්ෂ්‍යාව පැන නගින්නේ ජීව විද්‍යාත්මකව සම්බන්ධ නොවන පැටවුන් සඳහා ආයෝජනය කිරීමේ තර්ජනයෙන් මිදීමට කියා කීවත් එය එලෙසින්ම නොවන්නට පුලුවන්. බොහෝ අයට ඔවුන්ගේ චිත්තවේගීය ද්‍රෝහිකමට වඩා ඔවුන්ගේ සහකරුගේ ලිංගික ද්‍රෝහීකම කෙරෙහි දැඩි ලෙස දැනෙනවා.
බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සමහර පුරුෂයන් ලිංගික ඊර්ෂ්යාෙව්දී ආක්‍රමණශ්‍රීලී ආවේගගීලී වර්යා පෙන්නුම් කරන බවයි,සමහර අවස්ථාවලදී ස්ත්‍රීන්ද අවේගශීලී චර්යා පෙන්වන අවස්ථාද පවතී.
කාන්තාවක් තම සහකරු වෙනත් ස්ත්‍රියක සමග අනවශ්‍ය සබදතා පවත්වන බව දැනුනවිට කෝපයට පත්වීම හා ප්‍රචණ්ඩකාරීව හැසිරේ. මෙමගින් ස්ත්‍රිය තුල පුරුෂයා කෙරෙහි ඇති අවිශ්වාසය පෙන්වයි. තවදුරටත් ස්ත්‍රීන් තම පුරුෂයාට විවිධ තහංචි පැවවීම අවනශ්‍ය ලෙස සොයාබැලීම සිදුවේ. තහංචි කඩකළවිට දොෂාරෝපණය කිරීම සිදුවේ. මෙවන් අවස්ථාවලදී අවසානයේ ගෘහස්ත ප්රචණ්ඩත්වය දක්වා වර්ධනයවේ.
ඇතැම්විට ස්ත්‍රීන්, තම සහකරු සමග ඇසුරු කරන අනියම් ස්ත්‍රිය විසින් තමාගේ සහකරු අවනත කරගෙන ඇති බවත් සියළු වැරදි අනියම් ස්ත්රිමත පවරා තමා විසින් හො සහකරු විසින් සිදුකළ වැරදි අමතකකර දමයි. ඇතැම් විට තම සහකරු කෙරේ ඇතිවන ද්වේශය අනියම් ස්ත්‍රිය පිය්ට්න් යවයි. තම සහකරු අන් ස්ත්‍රියක පහස ලැබීමට හේතුව තමාසතු අඩුපාඩුවක් නිසා බව සිතා තමාටම බැණවැදීම සිදුවේ. තමා කෙරේ අතිවන මෙම කළකිරීම ඇතැම්විට බරපතල මානසික පීඩනයක් දක්වා බලපවත්වයි.. මෙම කලකිරීම් ඔවුන්ට ඇතැම්විට බරපතල මානසික බිඳ වැටීම් දක්වා වර්ධනය විය හැකියි. පුරුෂයින් මෙන් නොව ස්ත්‍රීන් ලිංගික ඊර්ෂාවේදී තමාගේ අඩුපාඩුකම් ගැන ආවර්ජනයක යෙදෙනවාක් මෙන්ම ලිංගික ඊර්ෂාවේ ස්වභාවය කෙරේ ඔවුනොවුන්ගේ පෞරුෂ ලක්ෂණද ඍජුව බලපායි.
පුරුෂයන් බොහෝවිට තම සහකාරීය කෙරේ සැකයක් ඇතිවූවිට ඇය යන එන ගමන් බිමන් ආදී සියල්ල රහසේ විපරම් කරමින් ඇය මුර කිරීමට පෙළඹේ.
කුඩා අවධියේ දරුවකුට වැඩි ආරක්ෂාවක් ලබාදීම නිසා ඔහු වැඩිවියට පත් වූ විටද අනෙකාද එසේ ආරක්ෂා කිරීමට පෙළඹෙන බව ඇතම් විද්වතුන් පවසයි. දරුවන් සමාජානුයෝජනය වන සංස්කෘතිය තුල ලිංගික සදාචාරය ප්‍රභලව අවධාරනය කෙරේද එවන් සමාජවල සමාජානුයෝජනය ලබන දරුවන් වැඩිවියට පත්වූවිට ලිංගික ඊර්ෂාව වැඩි වශයෙන් ඇති පුද්ගලයන් බවට පත්වේ. එහෙත් ඊට සාපේක්ෂව ලිංගික සදාචාරය ප්‍රභලව නොපවතින සමාජවල ලිංගික ඊර්ෂාව අඩුය. එසේම තමාතුල ඇතිකර ගන්නා හීනමානය හේතු කොටගෙනද ඇතමුන්ට ලිංගික ඊර්ෂාව ඇතිවේ. එනම් තමා තුල පවතින අඩුපාඩුවක් නිසා තම සහකරු/සහකාරිය වෙනත් අයකුගේ ඇසුරට පත්වේද කියා බියක් ඊර්ෂාවක් ඇතිවේ. තවද මත්ද්‍රව්‍ය මත්පැන් ආදියට ඇබ්බැහිවීම නිසා ලිංගික අප්‍රාණිකත්වය වැනි ලිංගික හැසිරීමට ඇති අපහසුතාවයන් නිසාද අනෙකා වෙනත් අයතුගේ පහස සොයා යනු ඇතැයි සැකයක් උපදී.
චීනය සහ එක්සත් ජනපදය අතර හරස් සංස්කෘතික සැසඳීම්වලින් හෙළි වන්නේ ජාතිය කුමක් වුවත් පිරිමින් කාන්තාවන්ට වඩා ලිංගික ඊර්ෂ්‍යාව වැඩි බවයි. කාන්තාවන් චිත්තවේගීය ඊර්ෂ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පෙන්වයි. ඊට වෙනස්ව, ජාතීන් අතර, එක්සත් ජනපදයේ පිරිමි සහ ගැහැණු යන දෙපිරිසම චීන පුද්ගලයන්ට වඩා ලිංගික ඊර්ෂ්‍යාව පෙන්වයි.
සමකාලීන ඉන්දියාවේ, අනෙකුත් හේතූන් හා සසඳන විට ලිංගික ඊර්ෂ්‍යාව කාන්තාවන්ට එරෙහි හිංසනයට මූලික හේතුවකි. ඉන්දියානු නියැදියක කාන්තාවන්ට එරෙහි හිංසනයෙන් ආසන්න වශයෙන් සියයට පනස් එකක් ලිංගික ඊර්ෂ්‍යාව නිසා සිදු වූ ඒවාය.
ඉතිහාසයේ වාර්ථාවන පරිදි 1880 සහ 1925, අතර කාලය තුල බටහිර රටවලට සංක්රමණයවූ ඉන්දීය ජාතිකයන් ලිංගික ඊර්ෂාව පදනම් කරගෙන සියදිවි නසාගැනීම් සිදුවී ඇත. බොහෝ සංක්‍රමණිකයන් තුල ලිංගික ඊර්ෂාව පවතිනබව ඇතැම් පර්යේෂණ වාර්ථාවල දැක්වේ. මේ අතරින් වැඩි දෙනෙක් පුරුෂයන්ය. තම සහකාරිය වෙනත් පුරුෂයෙකු හා සම්භන්ධකම් ඇතිකර ගනී යන සැකය ඔවුන් තුල බහුලව පැවතී. ඉන්දියානු සංක්‍රමණික පුරුෂයන් තම සහකාරිය සුදු ජාතික පුරුෂයන් සමග ලිංගික සේවනයේ යෙදුනු බවට සැකකොට නොයෙක් ගැටුම් ඇතිකර ගැනීම හා සියදිවි නසාගැනීම සිදුවී ඇත.
කොහොම වුනත් තම තමන්ගේ ඇති අඩුපාඩු කතාබහ කොට ඒවා වටහාගෙන ඔවුනොවුන් ප්‍රශ්න කරගන්නේ නැතුව සුහදත්වයෙන් යුතුව වෙනත් ගැලපෙන සබඳතාවයන් ගොඩ නගාගෙන සතුටින් ලිංගිකාස්වාදය විඳින අඹුසැමියන්ද සමාජයේ සිටිනු ඇත. එලෙසින් ඔවුන්ට කටයුතු කිරීමට හැකි වනුයේ ලිංගික ඊර්ෂ්‍යාවෙන් මාත්සර්යයෙන් තොරවූ විටයි.
අද ලංකාවේ තමන් බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ අයද දැඩි ලෙසින් මේ ලිංගික ඊර්ෂ්‍යාවෙන්, මාත්සර්යයෙන්, කුහකත්වයෙන් පෙළෙන අය බවට පත් වෙලා තිබීම කණගාටුවට කරුණක්. නමුත් සැබෑ ආගමෙන් දහමෙන් හික්මුණු පෙර සිටි අපේ රටේ බොදුනුවන් මෙතරම් ඊර්ෂ්‍යාවෙන්, මාත්සර්යයෙන්, කුහකත්වයෙන් පෙළුනු බවක් දක්නට තිබුනේ නෑ. එකගෙයි දීග කෑම මෙන්ම බහු භාර්යා, බහු ස්වාමි සේවනය වැනි තත්වයන් සාමාන්‍ය ලෙසින් පැවති බවට කොතෙකුත් කරුණු අපට හමු වේ.. එදා කවුරුවත් ඕනෑවට වඩා තන්හාවෙන් උපාදානයෙන් අල්ලාගෙන තමන්ගේම යැයි කියා අනවශ්‍ය ලෙසින් බැඳී සිටියේ නෑ. අද වන විට තමන් මැරුනත් භූතයෙක් ප්‍රේතයෙක් වෙලා හරි තම බිරිඳ සැමියා අත් නොහැර සිටින තත්වයට පත් වෙලා නොවේද?
ලිංගික ඊර්ෂ්‍යාව හා ලිංගික මාත්සර්ය වැළඳෙන්නේ විවාහක අඹුසැමි අයට පමණක්ම නොවේ. විවිධ වූ ලිංගික ආශාවන් ඇතිවන සියල්ලන්ටම මෙම තත්වය පොදු දෙයක්. ඒ අතරින් ෆෙම්ඩම් කියන ෆැන්ටසියට අශාවක් දක්වන අයෙකුට මෙම තත්වය වැළඳුන විට ඔහු අනෙකෙකුට එම වින්ඳනය ලබා ගැනීමට ඇති ඉඩ කඩ අහුරාලීමට නොයෙක් ලෙසින් ක්‍රියා කරයි. තමන්ටම පමණක් එහි ආශ්වාදය ලබා ගැනීමට සිතා කුහකත්වයෙන් ක්‍රියා කරයි. සියලුම මිස්ට්රස්ලාට බැන වදිමින් නින්දා අපහාස කර අනෙක් අයට එවන් අවශ්ථාවන්ට යාමට බාධා පමුණුවයි. තමන් එහි රස විඳිමින් සිටගෙනම අනෙක් අයට එය නොකරන්න යැයි උපදෙස් දෙයි.
මෙතනදී යමෙක් අපගාමී චර්යා වල ඇති නිස්සරණ භාවය මනාව අවබෝධ කර ගෙන එයින් මිදීමට අනෙකාට උදව් කරයි නම් හෝ එහි තත්වය නියම ලෙසින් පෙන්වාදෙයි නම් එය ලිංගික ඊර්ෂ්‍යාව හෝ කුහකත්වය යැයි වරදවා වටහා නොගත යුතුයි. එය වෙනම පැත්තකි. විවිධ ලිංගික ෆැන්ටසි වලින් මිදුණු එවන් අයෙක් හෝ එයට ඇබ්බැහි නොවූවෙකු අනෙකාටත් ඉන් මිදීමට උදව් කරනුයේ ඉහළ මානුෂික හැඟීමෙන්ම විය හැකි බවත් අප තේරුම් ගත යුතුය.
වරද වන්නේ තමනුත් එම තැනම සිටිමින් අනෙකාට බධා කිරීමයි. එයයි මානසික රෝගී තත්වයක් ලෙස මෙහි කියනුයේ. මුල් කාලයේ හොඳින් සිටි අයටත් පසුව මෙම තත්වයට පත් වෙන්නත් පුලුවන්. මෙවැනි දුර්වල තත්වයන්ට පත්වූ අය අප සමාජයේ කොතෙකුත් දක්නට ලැබෙනවා.
ලිංගිකත්වය කියන්නේ කිසියම් වූ ආශ්වාදනීය තත්වයක්. තවෙකෙකුට හානි කිරීම හෝ තවකෙකු පීඩාවට පත් කිරීම යහපත් ලිංගික චර්යාවකට අයිති නෑ.
නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක් ලිංගිකත්වය දැඩි ආත්මාර්ථකාමී ස්වභාවයකින් ක්‍රියාත්මක කරන බව ද පැහැදිලියි. ලිංගික හිංසනය, අපයෝජනය, අනියම් සබඳතා හරහා සිදුකරන බලපෑම්, පෙම්වතිය සමග ලිංගිකව හැසිරුණු අවස්ථා වීඩියෝ කොට ඇයට තර්ජනය කිරීම් වැනි දේ වර්තමාන සමාජය තුළ සුලභ සිදුවීම් බවට පත්ව තිබෙනවා. ලිංගිකත්වයේ මෙම වැරදි යෙදීම් නිසා සියදිවි නසා ගැනීමටත් අද මෙය හේතුවක් වී තිබෙනවා. ලිංගිකත්වය වැරැදි ආකාරයට යොදා ගැනීම මනෝ ව්‍යාධියක්. නිසි මනෝ උපදේශනයක් ලබා ගැනීම තුළින් මේ තත්ත්ව සාර්ථකව වළක්වා ගන්න පුළුවන්..
Comments
Post a Comment