Posts

Showing posts from June, 2022

භාර්යාවන් සත් දෙනා ගැන දැන ගෙනම ඉන්න..

Image
මේ ලෝකයේ කාන්තාවන් කරුණු අටකින් පිරිමින්ගේ ගේ සිත පැහැර ගන්නා බව බුදු දහමේ සඳහන් වෙනවා. ඒ කරුණු අට තමයි, 1. ඇයගේ රූපය, 2.ඇයගේ කතාව, 3.ඇයගේ හැඬුම, 4.ඇයගේ සිනහව, 5.ඇයගේ හඬ, 6.ඇයගේ ස්පර්ශය, 7.ඇයගේ ක්‍රියා කලාපයන්, 8.ඇයගේ සතුටු දීමනාවන් යනුවෙන් සඳහන් වෙන්නේ. මේ බාහිර ස්වරූපයන්ට අනුකූලව තමයි කෙනෙකුගේ සිතක් වෙනත් කෙනෙකූ වෙත ඇදිලා බැඳිලා යන්නේ.  ඇත්තටම මේ දේවල් තුලින් කාන්තාවකට පුලුවන් පිරිමියෙක්ව කාමයෙන් බන්ධනය කර ගන්නට. කවුරුත් මේවට වශී වෙනවා. පිරිමියෙක් කාන්තාවකගේ සිත බැඳල තියා ගන්නෙත් මේ විදියටම තමයි. ඒ වගේම කාන්තාවක් විසින් තවත් කාන්තාවක් බන්ධනය කර ගන්නා අවශ්ථාත්, පිරිමියෙක් විසින් තවත් පිරිමියෙක්ව බන්ධනය කර ගන්නා අවශ්ථාත් සමාජයේ තියෙන්නට පුලුවන්.. (සම ලිංගිකත්වයන් ගොඩ නැගෙන්නෙත් එලෙසටයි.) කාම ලෝකයේ ස්වභාවය එයයි.   බුද්ධ දර්ශනය තුලින් විග්‍රහ කරන භාර්යාවන් හතක් ගැන සත්ත භරියා සූත්‍රයෙහි කියවෙනවා. කව්ද ඒ? 1. වධකසම භරියා(වධක භරියා) – ස්වාමියාට වධකාරියක් ලෙස කටයුතු කරන බිරිඳ 2. චෝරසම භරියා(චෝර භරියා) – ස්වාමියාට සෙරක් ලෙස කටයුතු කරන බිරිඳ 3. සාමිසම භරියා (සාමි භරියා) – ස්...

ස්වපීඩක ලිංගිකත්ව කාම රසාස්වාදය හා ෆෙම්ඩම් කියන්නේ මොකක්ද?

Image
  එකිනෙක අයගේ ලිංගික කාම ආශාවන් විවිධයි, විසමයි, විචිත්‍රයි. එය කාම ලොකයේ උපන් අයගේ ස්වභාවයයි.  බොහෝ දෙනෙක් අඹු සැමියන් ලෙස එක්වන සාමාන්‍ය ලිංගිකත්වයට කැමති වුවත් වෙනත් ආකාරයේ විවිධ ආශාවන් නිසා, ඒවා ඉෂ්ට කර ගැනීමට නොහැකිව නොයෙකුත් චිත්ත පීඩා විඳිමින් අසහනකාරීව සිටින අයුරු අප කොතෙකුත් දැක තියෙනවා.  සමලිංගිකත්වය, වහල් කාමුකත්වය, ස්වපීඩා කාමුකත්වය, පරපීඩා කාමුකත්වය, දර්ශන කාමුකත්වය, කුමාර කාමුකත්වය, සත්ව කාමුකත්වය, ලිංගික ව්‍යාභිචාරය, වගේ බොහෝ දේවල් අසම්මත ලිංගික ආශාවන් ලෙසින් සමාජයේ පවතිනවා. එක් සමාජයකට මේවා අමුතු හා වැරදි දෙයක් ලෙස පෙනුනත් තවත් සමාජයකට මේවා සාමාන්‍ය දෙයක් වෙන්නත් පුලුවන්. එනිසා මේව හරියි, මේව වැරදියි කියල කාටවත් නිවැරදිවම සාධාරණීයකරණය කරන්නට අපහසුයි. මේ සියල්ලක්ම ඇති වීමට කිසියම් වූ විශ්වීය හේතුඵල න්‍යායක් ලොව පවතිනවා. කොහොම වුනත් තමන්ගෙන් අනෙකාට, අනෙකා අකැමති ආකාරයේ හිංශාවක් පීඩාවක් සිදු වෙනවා නම් එතන ලොකු වරදක් පවතින්නට පුලුවන්. හිංශාවක් පීඩාවක් තුලින් වුනත් අනෙකා කාම විංදනයක් ලබන්නට ආශාවක් දක්වනවානම් එතන ලොකු ගැටලුවක් නෑ..   බටහිර සමජ...

කාම මිත්‍යාචාරය සහ කාම සදාචාරය

Image
    මොකක්ද කාම ආචාරය? මොකක්ද කාම මිත්‍යාචාරය? කාම මිත්‍යාචාරය යහපත් සමාජයකට මහත් කැළලක් වගේම එය දෙලොවම පරිහාණියට පත්වන පාපයක් කියලයි සැලකෙන්නේ. එනිසා ඔය කවුරුත් කාම මිත්‍යාචාරයේ යෙදෙන්න හිතන් ඉන්නවනම් ඒක ගැන තව ටිකක් හොයල බලල කරගන්න දෙයක් ආචාරශීලීව පරිස්සමින් කරගත්තොත් කොයිකටත් හොඳයි නේද?. ඔක්කොටම කලින් කාම මිත්‍යාචාරය සහ කාමාචාරය කියන්නෙ මොකක්ද කියල නිරවුල් කර ගන්න ඕනි.  අද සමහර පණ්ඩිතවරුන් පෙන්වාදෙන ඇතැම් වැරදි ඉගැන්විම් නිසා නිවැරදි හරි දේත් වැරදි හැටියටත්, වැරදි දේවල් නිවැරදි දේ හැටියටත් සම්මත කොට ගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙනවා..      කාම මිත්‍යාචාරය කියනදේ කවුරුවත් වැරදියට තේරුම් ගන්නට එපා. ජීවිත කාලයටම තමන්ගේ සැමියා හෝ බිරිඳගෙන් පරිබාහිරව වෙනත් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හා ලිංගික සංසේවනයේ යෙදීම කාම මිත්‍යාචාරයයි කියල බොහෝ දෙනා හිතන් ඉන්න වැරදි අදහසක්. ඇත්තවශයෙන්ම කියනවනම් අනුන්ට අයිති කාම වස්තූන් තවත් කෙනෙකු විසින් සොරකමින්, වංචාවෙන්, කපටි කමින් හෝ බලහත්කාරයෙන් භුක්ති විඳිනවනම් ඒක කාම මිත්‍යාචාරයක්.  මේක පංච කාමයටම පොදු වූ දෙයක්. එහ...

ඔබට ගැලපෙන කෙල්ලෙක්/කොල්ලෙක් සොයා ගන්නට නම්..

Image
   මීට කලින් ලියූ "කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන.." යන ලිපියෙන් ලෝකයේ සැබෑ කම්සැප මිහිර සොයා යන කාටත් පාහේ මූළිකවම අවබෝධ කොට ගතයුතු ඉතාමත් වැදගත් කරුණු රාශියක් මම ඉදිරිපත් කලා. ඒ කියපු දේවල් සමහර අයට නම් එක පාරටම තේරුනේ නැති වුනත් ඉස්සරහට තේරුම් ගන්න පහසු වෙයි. ඒ ලිපිය නොබලපු අය කම්මැලි නැතිව ගිහින් කියවලම ආවොත් හොඳයි. මොකද නැත්නම් ඉස්සරහට කියා දෙන්න යන වටිනා දේවල් ඔයාලට ගිලිහිලා යන්න පුලුවන්.    තමන්ට ආදරය කරන්නට වගේම තම ලිංගික සතුට භුක්ති විඳින්නට සුදුසු පෙම්වතියක්, පෙම්වතෙක්, බිරිඳක්, සැමියෙක්, යහලුවෙක්, යෙහෙලියක් සොයාගන්නට මේ කාම ලෝකේ කවුරුත් වගේම ආසයි. සමහරුන් ඒ වෙනුවෙන් අනන්ත අප්‍රමාණවත් වෙහෙසෙනවා, පීඩා විඳිනවා, දුක් වෙනවා. ඒත් සමහරුන්ට මේ කාමාස්වාද සැප විඳින්නට අවශ්‍ය කාම භෝගී වස්තු ඕනි තරම් තියෙනවා. කෙනෙකුට ලැබෙන්නත්, තවත් කෙනෙකුට නොලැබෙන්නටත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි නේද? දැන් සමහරෙක් කියයි කෙනෙක් ලස්සන නම්, ධනය, බලය ආදිය තියෙනවනම් අපිට ඕනි තරම් කට්ටිය හොයා ගන්න පුලුවන් කියලා. ඒක වැරදියි පුතා, දුවා. ඒක වැරදියි සහෝදරයා, සහෝදරිය..   ලස්...

කාම ලෝකයේ කම්සැප සහ සැබෑ කාම නීති රීති ගැන..

Image
  සැබෑ කම්සැප සොයා යන අයට මග පෙන්වන ලිංගික අධ්‍යාපණික පාඩම් මාලාවේ මූලික පිවිසුමයි මම මේ අද ඔයාලට කියන්න යන්නේ. ඉදිරියේදී හැම පැත්තක්ම බේරගෙන නිසියාකාරව තමන්ට ඕනි විදියට කම්සැප විඳින්නට පුලුවන් බොහෝ ක්‍රමත්, තමන්ටම ගැලපෙන සහකාරයෙක් සහකාරියක් සොයා ගන්න හැටිත්, ඉන්න කෙනා තමන්ට ගැලපෙන විදියට හදා ගන්න හැටිත්, තවත් ඉතාමත් වැදගත්ම කාම රහස් හා බොහෝ වටිනා දේවලුත් ඔයාලට ක්‍රමාණුකූලව ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා.. ඒකට ඉතින් කළබල නැතිව ඉවසීමෙන් පියවරෙන් පියවරට මේ ලිපි ටික නම් කියවන්නට වෙනවා. එක පාරට උඩින් පැනල ගිහින් නම් කාටවත් මොනවත් කරන්න බැරි වෙයි. කම්මැලි නැතිව හෙමීට කියවන්න. මේවා ඔබට ගොඩාක්ම වටීවි.   කුමන හෝ හේතුවක් නිසා කාම ලෝකයක එහෙමත් නැත්නම් කාම භූමියක ඉපිද සිටින අප කාටත් විවිධ විෂම විචිත්‍ර ලිංගික කාම අදහස්, හැඟීම් හා කාමුක අවශ්‍යතාවන් ආශාවන් තිබෙන්නට පුලුවන්. ඒක කාම ලොකයේ සාමාන්‍ය ස්වභාවයයි. ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඉන් ආශ්වාදයක් තෘප්තියක් ලැබීමට අප කවුරුත් ආශාවක් උනන්දුවක් දැක්වීම සාමන්‍ය මූලික මිනිස් ස්වභාවයයි. මොන මොන හේතු නිසා හෝ කවුරුවත් අනවශ්‍ය ලෙසින් ඒවාට වැට කො...